හතළිහේ බත් ..

දොළහ වූ සැනින්
කැන්ටිමට දිවීමි..
පෝලිමේ දිග මැන බැලීමි..
කොනක් නැති නිසාවෙන්
ලාභය අමතක කර
හැටේ බත් කෑමට
කැම්පස් කන්ද බැසීමි...

අකුරු

කවියක් ලියනුවස්
අකුරු සෙවුවෙමි.
කිහිපයක් හැර
සියල්ල
හමු විය .

නොලද අකුරු
තුන හතර නිසා
කවිය
සම්පූර්ණ කිරීමට
නොහැකි විය.

තනියට හඳ

පාන්දර කළුවරේ මං යනකොට
හඳ එනවා මගේ තනියට
පහන් තරු එළියත් පත්තුකරගෙන
බස් එක ගාවටම ...
නිදා වැටෙනකොට මග දිගට
කවුළුවෙන් එබෙනවා
ඇහැ නොපියවා මොහොතකට
තනි නොතනියට මුළු දුරම..

කොළඹදී ඇහැරෙද්දි
හඳ ගිහින් ..!
තව දවසක් වෙහෙසන්න
ඉර ඇවිත් ...!!!
Related Posts with Thumbnails