tag:blogger.com,1999:blog-76119123617274314732023-11-16T17:56:45.963+05:30- සිත් අහස...Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7611912361727431473.post-42416710488798769602010-06-09T09:27:00.002+05:302010-06-09T09:28:15.701+05:30මම මාව සොයාගත යුතුය..!වැස්ස සිංහල උළු වහලට වදදෙයි.පුපුරා හැලෙන අකුණක් සිතිවිලි ගාල හොල්ලා දමයි.සසලව සිටින මම තව තවත් සසලව යමි.අකුරු විසිරී ගියේය.වචන කලවම් විය.ලියමින් සිටි දෙය නොව වෙනයමක් ලියැවෙන්නට යන බව මටම හැඟේ...කරන්නට දෙයක් නැත.කලවම් වූ අකුරු වලින් හෝ ලිවිය යුතුය.

හදවතේ අඳුරු අහු මුළුවල කටිගැසී ඇති දුක, තීන්තෙන් දියකර හරින්නට වැයම් කරමි.නමුදු දුක පාෂාණිභූත ව ඇති සෙයකි..එය දිනෙන් දින, මොහොතෙන් මොහොත තව තවත් ඝණ වෙමින් පවතියි.එය මාතුලම ගිලාබසී.මමද ඒ සමග ගිලෙමින් සිටිමි..

මට ආලෝක බිඳක් අවැසිය..නමුත් හාත්පස අන්දකාරය මට සමච්ච්ල් කරයි.මම නැගිටින්නට වීරිය කරමි.ජීවිතය මා පෙලයි.පෙරලා ජීවිතය පාගා දමන්නට හැකිද?නිදුකාණන් වදාල චතුරාර්ය සත්‍ය සිහියට නැගේ.ජීවිතය දුකකි..උත්පත්තිය දුකකි..නමුත් මා දැන් ඉපදී අහවරය.එනිසා කෙසේ හෝ ජීවත් විය යුතුව ඇත..

මම කවුළුව හරිමි..නිල්පැහැ මේසරෙද්ද මත තද නිල් තිත් මතුවෙයි.ක්ෂණයෙන් විශාල වන තෙත් පැල්ලම් බලාඉන්දෙද්දීම එකිනෙක යාවෙයි..හිල් වූ අහසෙන් මිදුන වැහි බිංදු ඉඳිකටු මෙන් සම පසාරු කරගෙන යයි.වර්ෂාව විඳිමි..ෆුල්ස්කැප් පිට පෙඟී ගොසිනි.අකුරු බොඳවෙලාය.දැසේ බොඳයට අකුරුවල බොඳය කලවම් වෙයි.ජීවිතයම මෙලෙස බොඳවී යාදෝ සිතේ..සීතල කඨෝරය.

මම පටලැවී සිටිමි.ඒ පටලැවිල්ලේම එරී ,මංමුලා වී සිටිමි.අනන්ත සිතිවිලි ගාලක පැටළුම් අතර මට මාවම මහහැරී ඇත.

හුදකලාව බරකි...
ශූන්‍යත්වය වේදනාවකි....

නමුත්,,,,
ජීවිතය දුකක් යයි කීමට, තවමත් මා දිව නොනැමෙයි.

මම මාව සොයාගත යුතුය..!Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com8tag:blogger.com,1999:blog-7611912361727431473.post-71015875584089899662010-06-03T09:45:00.001+05:302011-06-27T23:14:09.544+05:30අපහැදිලි ශූන්‍යයක පාවීමබලාපොරොත්තු රහිත වීමේ
අපහැදිලි ශූන්‍යයක
පාවෙමි...

පැතුම් ඉටු නොවීමෙන්
රිදුන අඳුරක
කල්මරමි...

මං මුලාවී පැටලැවී
රුදුරු හුදකලාවක
තනිවෙමි...

මා සොයන නුඹ එනතුරු
තුන්කල් සිහිනයක
සැතපෙමි.......................! Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com4tag:blogger.com,1999:blog-7611912361727431473.post-27015306929137807982010-05-26T08:57:00.001+05:302010-05-26T08:57:47.797+05:30සත්‍යය
හදවතට
හිස් බවක් දැනේ..
එය
මහා බරකි ....

Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com2tag:blogger.com,1999:blog-7611912361727431473.post-56663706303387690302010-05-06T08:15:00.001+05:302010-05-08T06:19:04.919+05:30විශම..!!!!කාෂ්ටක සරතැස
නිවාලන මදනල
හමා ආයේ
කළල් දියට ඉහළිණි

එහි
පස් පියුම් නොපිපේ..
සැල්වීනියා පාවේ..Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com3tag:blogger.com,1999:blog-7611912361727431473.post-57349824443224730082010-04-30T08:30:00.002+05:302010-05-01T07:12:51.408+05:30වීනස්ව පොළවේ ගැසුවෙමි..!!!!!!!!!!!!!!
වීනස්ව පොළවේ ගැසුවෙමි.

කුඩුපට්ටම් උණේ මාවමයි..

මින්දදගෙ දුනු හී වලට ගිනි තැබුවෙමි.
අළුඋණේ මාවමයි ..

වැලන්ටයින්ව භූමිදාන කළෙමි.
වැලලුණේ මාවමයි..

රෝසමල් පොකුරු කඩා විසුරුවෙමි.
සීරුණේ මාවමයි..

නහරවැල් සමගින්
හෘදවස්තුව උදුරා දැමුවෙමි.
මරණීය තුවාලෙත් අන්තිමට මටමයි..!!!

Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com10tag:blogger.com,1999:blog-7611912361727431473.post-45895694649708872182010-04-29T08:55:00.002+05:302011-06-27T23:09:57.548+05:30කළු සුදු සිහින
වර්ණ නැත.
එනිසා
සිහින නැත.
නමුත්
කළුසුදු පැතුමක් තවමත්
පන අදී..

වචන නැත.
එනිසා
කවි නැත.
නමුත්
වචනයට ගොනුකල නොහැකි තනුවක්
ලතවෙයි..

කඳුළු නැත.
එනිසා
හැඬුම් නැත.
නමුත්
කඳුලක දිය නොවන දුකක්
රිදුම් දෙයි..

ඈ නැත.

එපමණයි.
ඉන් එහා කිසිවක් නැත.

Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com9tag:blogger.com,1999:blog-7611912361727431473.post-88359805499143076812010-04-26T08:45:00.001+05:302010-04-26T08:45:00.587+05:30පොඩි ඉස්කෝලෙහාමිනේගෙ නාසයදශකයකට පසු
මුණගැසුණු ණෑයෙක්
පිරික්සයි මා මූණත්තහඩුව
සීරුවෙන්..

වසා ඇස් දෙක
කපා කන් දෙක
මතුකර ගනී
මූණ මැද නාසය..

"මේ නං පොඩි ඉස්කෝලෙහාමිනේගෙ දරුවෙක්.."
හෙලි කරයි ජාතක සුලමුල
මොටද ඩීඑන්ඒ පරීක්සන

කිමිදී කැඩපතක
සොයමි මං මාවම
මා නුදුටු මාවම ,

සොයමි ඒ නාසය
නෑයාට හම්බුවුණු
අම්මගේ නාසය
පොඩි ඉස්කෝලෙහාමිනේගෙ නාසය ...!!!!!Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com6tag:blogger.com,1999:blog-7611912361727431473.post-73839693553361491502010-04-24T10:31:00.000+05:302010-04-24T10:31:25.467+05:30නෑ-නොනෑ පැටලැවිලි විත්ති...මේපාර අවුරුද්දට ගමේ ගිහින් ටික දිනක් වැඩිපුර ගත කරන්න ලැබුණා.එතකොට අවුරුද්ද නම් පහු වෙලා .හැබැයි ගමට තාමත් අවුරුදු.අපෙ අත්තම්මලගෙ ගෙදර තියෙන්නෙ මහ කන්දක.ඒක කැම්පස් කන්දට දෙවෙනි නැහැ. මග අමාරුකම් කොච්චර වුණත් නෑදෑකැල ගේ පැමිණීම නම් අඩුවක් නැහැ .

අත්තම්මගෙ තේ මේසෙ උදේ හතට විතර ඇරපු ගමන් රෑ කෑම වෙලාව වෙනකන් ම විවෘතයි .කැවිලි පිඟන් බලා ඉන්දිද්දිම හිස්වෙලා යනවා.ආයෙමත් පිරිලා මේසෙට එනවා.
ඉතින් කවුද මෙච්චරටම මේවා කන්න තරම් ඉන්නේ ....

නෑදෑයෝ ... !
නෑදෑයෝ ... !
ගමකට නෑදෑයෝ ...

රතුවත්තේ කරුණාදර බාප්පලගෙ ගෙදර ,උඩහ හංදියෙගෙදර ,කංකාණම් මහතැන්ගෙ ගෙදර ,සපුගොඩ තැපැල් ගෙදර ,අංපිටියෙ ලීලම්මලගෙ ගෙදර ,එගොඩහගොඩේ අබේවිර ගෙදර ,ජයතු මුදියන්සේගේ ගෙදර, පාත වෙල්මැද්දේ ගෙදර ,නාවිට ඉස්කෝලෙමහත්තෑලෑ ගෙදර ,මන්චනායක වෙදගෙදර ...වගේ එකී මෙකි නොකී ගෙවල් රාසියක ඇත්තෝ විඩෙන් විඩේ අත්තම්මලගෙ ගෙදරට ගොඩවෙනවා.එන්නෙත් බරටම අවුරුදු කද බැඳගෙනයි.අපේ පලාත්වල වගේ එකම කේක් ගෙඩිය ගෙන්ගෙට මාරු වීමක් නම් කොහෙත්ම වෙන්නේ නැහැ.

වැඩේ කියන්නේ මේ එන හැමෝම අපේ නෑදෑයෝ වීමයි.කොහේ හරි වටයක් කැරකිලා ඇවිත් අන්තිමට නැන්දෙක් මාමෙක් පුන්චම්මෙක් බාප්පෙක් අයියෙක් අක්කෙක් වෙලා තමයි නතර වෙන්නේ.

නෑ කමේ අගමුල විස්තර කරන්නේත් අත්තම්මාමයි."මේ ඔයාලගෙ සීයගේ ලොකු නංගිගේ හිච්චි දූයි එයගෙ දුවයි.." "මේ අංපිටියෙ ගෙදර මද්දුමයා ..අපෙ තාත්තා මෙයැයිලගෙ බප්පා නේ.. " "අර ඉස්සෙල්ල ආපු පොඩි මාමගේ ලොකු අක්ක තමයි මේ.වෙදගෙදරටනේ දීග ගියේ...ඒනිසා දෙපාරකට නෑකං කියතැහකි.." අත්තම්මා කියාගෙන යනවා.මේවා පටලැවෙන්නේ නැතුව කොහොම මතක හියාගන්නද මන්දා. ගෙදර ගොහින් ෆැමිලි ට්‍රී එකක් වත් ඇඳගන්න ඕන කියලා හිතුන ඒවෙලේ නම්.

ලොකුම අවුල කියන්නේ මූණ බලලා වයසින් මේ නෑකම් තීරණය කරන්න බැරිකමයි.ඒ ඇත්තො එකිනෙකා අමතන්නේ නෑකමින් මිසක් වයස අනුව නම් නෙවෙයි."කිරිමාමගේ දෙවැනියා...ඔයාට වෙන්නේ අයියා " කිවුවම ආයිබෝවන් කිවුවෙ අපේ අප්පච්චිට චුට්ටකට බාල වෙන්න පුළුවන් අයියා කෙනෙක්.. අම්මටත් වඩා ලාබාල ලීලම්මා අත්තම්මට නංගී කියද්දී අත්තම්මා ඇයට අක්කේ කියනවා.සීයගේ වයසේ ඉන්න හැරමිට්ටෙන් වාරු ගන්න නාවිට ලොකු ඉස්කෝලෙ මහත්තයා අපෙ පුන්චම්මලාට තවමත් ඉස්කෝලෙ අයියාවෙලා.
මගේ වයසෙම දැරියකට කටෙ දිවේ නොගෑවී "නංගී" කිවුවේ වෙන කවුරුත් නෙවෙයි අපේ අම්මා මයි.(නාකි කොන්දොස්තර උන්නැහේ කෙනෙක් එහෙම ඔහොම කියුවොත් අම්මගෙ මූණ මට එවෙලේ මතක් වුණා )

ඇත්තටම ඒ සබඳතා හරිම අව්‍යාජයි.අවංකයි.අවුරුදු ගාණකට පස්සේ මුණගැහුණත්, මතක ඇති කලක මං ඔවුන්ගේ ගෙවල්වලට ගොඩවැදිලා නැතත් ඒහැමෝම වාගේ මං ගැන දැනන් හිටියා. මං ඉගනගන්නේ කොහේද, ඉගනගන්න විශයන් පවා දැන හිටියා.ඒත් ඒ ආ බොහොමයක් දෙනා මගේ නෑදෑයෝ කියලා වත් මම දන්නේ නැහැ .

අතිශය වැදගත් කියලා අපි හිතන් ඉන්න, එහෙමත් නැත්නම් සමාජ වටපිටාව විසින් අපට හිතවන බොහොමයක් දේ පස්සේ හඹායද්දී කොයිතරම් නම් දේවල් අපිට මග හැරෙනවද අපිම දන්නේ නැහැ.ඒ අතරෙ මනුෂ්‍ය සබඳතා මගහැරෙනවා වැඩිද මන්දා..භෞතික සම්පත් වලට අපි මුල්තැන දෙද්දී ගමේ නෑයෝ තාමත් ඒ අපූරු ඥාතී සබඳතා දැල් අතරේ ජීවත් වෙනවා.ඒ බැඳීම් හරි සුන්දරයි. අපිට ගම අමතක වුණාට ඔවුන් අපිව අමතක කරලා නැහැ.

නම් ගම් නොදන්න නෑ සනුහරයක ලෙන්ගතුකම හිතට ගෙනාවෙ උණුසුමක්.ලබන අලුත් අවුරුද්දට ඒ හැම ගෙදරකටම යන්න මං මාව පොරොන්දු කරගත්තේ ඒ ඥාතී බන්ධන වලට මං හුඟාක් බැඳුණු නිසායි.

ජීවිතයක වටිනම දේ මිනිස්සු..අනිත් හැමදේම ඉන් පස්සෙයි...

Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com6tag:blogger.com,1999:blog-7611912361727431473.post-68462179768510850332010-04-18T08:01:00.003+05:302010-04-18T08:10:18.868+05:30"දැං ඉතිං ශාරුක්ටවත් කියහං උඹව කොළඹට බස්සන්න "
උදේ ඇහැරෙද්දී
ඉර එලි පදාස
කොට්ටෙ උඩ..

ඇහි පියන් නිදිමත බේරද්දි
ඇද්දුවා ඉරිදට
නුවර යන එකම බස් එක ..

පාන්දර එකේ බඩු කෝච්චිය
කන්ද නග්ගද්දිත්
මං උන්නේ බොලිවුඩ් වල ..

"දැං ඉතිං ශාරුක්ටවත් කියහං
උඹව කොළඹට බස්සන්න "
ඒ අපේ අප්පච්චිගෙ හඬ...!!!

Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com18tag:blogger.com,1999:blog-7611912361727431473.post-14707308619269820872010-04-17T11:52:00.003+05:302010-04-17T11:54:23.391+05:30සිතුවිලි රුධිරයේ දිය නොවෙයි.....නිහඬතාවය හඬක් නොනගයි...
සිතිවිලි උපදී
අවකාශය තවදුරටත් අවකාශයක් නොවේ
තිඹිරිගෙය අතහැර අනන්තයට මුහුවෙයි
එකිනෙක ගැටෙයි.. විසිවෙයි ..
බැඳෙයි...විසිරයයි..

යමෙක් මේ සිතිවිලි සොයා යයි
දෙනෙතින් ඇතුල් වී
හදවත පිරික්සයි
මිටින් ගෙන බැලුවත්
සිතිවිලි හමු නොවේ
මහා ධමනිය රුහිරු වගුරයි
එනමුත්
සිතුවිලි රුධිරයේ දිය නොවෙයි..

සිතිවිල්ලක මරණය
එය උපන් ලක්ෂයයි
පනඅදින සිතිවිලි
අවකාෂයේ නොමැරෙයි
උත්පත්ති කේන්ද්රරයම
නැවතත් සොයාඑයි
උපත නම් මරණයේ දොරටුවයි..

තෙත් පසින් මොටෙයියන් මතුවෙයි
හිරුරැස් බිඳක් වුව සෑහෙයි
වියලුණු සිතක වුව පැතුමන් ඉපදෙයි
සිතුවිලි අතරින්
සුන්දරම සිතිවිල්ල
බලාපොරොත්තුවයි.........Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com8tag:blogger.com,1999:blog-7611912361727431473.post-36881938958159325322010-04-16T09:25:00.002+05:302010-04-16T09:26:53.718+05:30පොත් කතා පොත්පොත් නැති ජීවිතයක් ගැන මට නං හිතන්නවත් බැහැ. කොහේ ගියත් එක්කො මම පොත් හොයාගෙන යනවා.නැතිනම් පොත් මාව හොයාගෙන එනවා.

පොත් කියන්නේ ජීවිතේ.ජංජාලේ නැතිකාලේ මං ලෝකෙ ගැන දැනගත්තේ පොත් වලින් .ටෙලිවිශන් පෙට්ටියෙන් පෙන්නන රූප වලට වඩා පොතක් කියවලා හිතේ ඇඳෙන රූප වලට මං ආදරෙයි.අදටත් පොථෝර් පංචාලි චිත්‍රපටිය මං නොබලන්නේ ඒනිසයි.මං මවාගත්ත අපූගේ ලෝකය මට චිත්‍රපටියක්.

මේ පාර ඉස් ඉස්සෙල්ලම නෑගම් ගියේ පොඩිමාමලාගෙ ගෙදර.පොඩි මාමගෙ පොඩි පුත්‍රයාත් මම වාගෙම පොත් ගුල්ලෙක්. ගෙට ගොඩවෙලා කෙලින්ම ගියේ මලයාගේ පොත් ගබඩාවට.ඒක යතුරුදාලා ඉබ්බොත් දාලයි තියෙන්නේ. මං ආවමනං කිසිම පැකිලීමක් නැතුව හායි ගාලා ඇරලා දෙනවා.එයා ගෙදර නොහිටියත් ගබඩාව ඇරගන්න විශේෂ බලපත්‍රයකුත් මට හිමියි.

මලයා පරිවර්තන පිස්සෙක්.ශර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම එයා ලඟ හියනවා.අනුලා ද සිල්වා මහත්මිය පරිවර්තනය කරපු පොත් හැම එකක්ම වගේත් තියනවා.මේ වගේ මල්ලිලා නං ජීවිතේට වාසනාවක්.මම සෑහෙන වෙලාවක් අරන් පොත් තේරුවා.මලයා පොත් කියවනවා වගේම පොත් ගැන සාධාරණ විචාරත් සපයපු නිසා අනර්ඝ පොත් ටිකක් තෝරගෙන එන්න පුළුවන් වුණා .ඒවායේ පසුවදන් මෙහෙමයි.

රාජ උරුමය පසුගිය වසරේ පළවුණ The Legacy නම් දැවැන්ත ඉංග්‍රීසි නවකථාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි.
ක්‍රි.පූ. 140 දී දුටුගැමුණු රජතුමා හා සබැඳි මිලකළ නොහැකි වටිනා කමකින් යුත් වස්තුවක නිර්මාණය ගැන සටහනකින් ඇරඹෙන නවකතාව ඉක්බිති ගෙතෙනුයේ වර්තමානයේ දී එය සොයාගන්නා පුවත වටායි.ඒ හා සබැඳි පෞරාණික ගැටළුව ලිහා ගන්නට තැත් කරන විදෙශීය පුරාවිද්‍යාඥවරියට ත්රස්තවාදීන්ගේද  බල ලෝභී දේශපාලකයන්ගේද අතවර වලට මුහුණ දෙන්නට සිදුවෙයි.
දුටුගැමුණු රජ සමය ,වත්මන් ශ්‍රීලංකාව, එහි විච්ත්ර ඉතිහාසය හා පෞරාණික ස්ථාන මෙන්ම වත්මන් දෙශපාලන කුමන්ත්‍රණ ආදියද පසුබිම් කොටගත් මේ අපූරු නවකතාව සිංහලයට නගන්නේ ප්‍රකට පරිවර්තිකවක වන අනුලා ද සිල්වා මහත්මියයි.

වර්තමාන ලෝකයේ අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ භෞතික සැප සම්පත් හඹා යන පිරිසකි. කෘතියේ එන ජුලියට් මැනටල් අපරදිග ලෝකයේ සියලු සැප සම්පත් පරිභෝජනය කළ ධන කුවේර නීතිවේදියෙකි.කොතෙක් සැප සම්පත් මැද වුවද ආධ්‍යාත්මික සුවයක් නොලැබු ඔහු ජීවත් වීමේ අරමුණ කුමක් වියයුතුදැයි විමසා බැලීමට තමා සතු සියල්ල අතහැර සහනදායී පරිසරයක් සොයා යයි.පාඨක මනස නව දිශාවකට යොමු කරන කෘතියකි.

චීන හමුදා සේවයේ නියුතු ලින් කොන් සෑම ගිම්හානයකම තම ගම්මානය බලා යන්නේ ආදර බැඳුමකින් තොර යෝජිත විවාහයක් මගින් ඔහු හා බැඳී සිටින කුලෑටි එහෙත් භක්තිමත් ගැමි බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වීමේ දැඩි අපේක්ශාවෙන් යුතුවය.එහෙත් හැම වරම ආපසු නගරයට යන ඔහුට එහි සිටින තම උගත් නාගරික පෙම්වතිය වූ මන්නා නම් හෙදියට ඔවුන්ගේ විවාහ ගිවිසගැනීම තව කල් දැමීමට සිදුවෙන බව පවසන්නට සිදු වෙයි .එකිනෙකාට බෙහෙවින් වෙනස් ගැහැණු දෙදෙනෙකුගේ පරස්පර විරෝධී ඉල්ලීම් වලට මැදිව පරදාර සේවනය ජීවිතය හා වෘතියේ පැවැත්ම විනාශ කරන හේතුවක් ලෙස සැලකෙන සමාජයක් තුල මේ අයුරින් දහ අට වසරක් ගෙවි යයි.
එහෙත් මේ වසරේ එය එසේ නොවන බවට ඔහු මන්නාට පොරොන්දු වෙයි....

ස්ථාපිත ආගම් සහ සම්මත දර්ශනවාදී ධනපති සමාජය තුල කෙමෙන් අර්බුධයට යද්දී ,ජීවිතය සහ මරණය අතර පවතින සත්‍යතාව යළි නිර්වචනය කිරීමේ අධ්‍යාශයෙන් ඔද වැඩෙන මිනිසා ,පෙරළා ඒ ධනපති සමාජ ක්රමයේම ගොදුරක් වන සැටි මෙම නවකතාවෙන් විචිත්‍ර වත් සේ නිරූපණය කෙරේ.

වෝර්සෝ නුවර යුදෙවුවන් හිට්ලර්ගේ මාරක හමුදා එනතෙක් බියකරු දෙගිඩියාවක වෙසෙන අතරේ ,ආරොන් සම්ප්‍රදායික අතීතයක් සහ අස්ථිර අනාගතයක් අතර කල් ගෙවයි.විවිධ ගැහැනු ඔහුට විවිධ දොරටු විවර කරති.විශේෂයෙන් හිට්ලර්ගේ අළුගෝසු හමුදාවෙන් දිවිගලවාගෙන පලායාමේ ඉඩකඩ ඉන් ප්‍රමුඛය.එහෙත් ළමා වියේ ආලය ගැන අතීත රතියෙන් උපන් ආකර්ෂණය ඊට බාධාවක් ද?
ඔහුගේ මිතුරු මිතුරියන්ට ඇයත් , ඇගේ ආලයත් අතිඛේදනීය විකාරයක් පමනක් නොව ඔහුගේ මරණය ලං කරන බිහිසුණු උරචක්‍රමාලයක්ද වන්නේය.
පහසුවෙන් සිතින් මකා දැමිය නොහැකි මේ සුන්දර ආදර කතාව මිනිස් සන්තානයේ දරුණු ප්‍රෙහේලිකාවක් එකලස් කර ගැනීමට පාඨකයාට පිහිට විය හැකිය.

තාගෝර්ගේ නිර්මාණ සම්බන්ධ උනන්දුවක් දක්වන රවීන්දනාත් තාගෝර් සුළවතුන් මතු නොව සාහිත්‍ය රසකාමී කවරෙකුට වුවද රසවත් අත්දැකීම් සමුදායක් මෙම කෘතියෙන් තම අනුභූතීන්ට එකතුකොට ගත හැකිය.
මුල් කෘහියෙ ඇති හර පද්ධතිය නොසිඳෙන ආකාරයට උපරිම වශයෙන් ඊට සමීපවිය හැකි සේ පරිවර්තන කාරිය ඉෂ්ට සිද්ධකොට ඇතැයි පැවසිය හැක්කේය.

තවත් සතියක් නිවාඩු නිසා නිදහසේ මේ සියල්ල කියවන්න පුළුවනි.මේ ටිකේම පැණිරස කෑම කාලා එපාවෙලා නිසා පොත් කන්න පටන්ගන්නයි මගේ ලෑස්තිය.
Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com11tag:blogger.com,1999:blog-7611912361727431473.post-43734357110697305352010-04-14T06:48:00.001+05:302010-04-14T06:50:10.976+05:30පැණිරස කවි කෑලි..අම්මාගෙ තට්ට කැවුමට
නක්කලේට හිනාවෙන
අත්තම්මගේ පැණි කැවුම්..

අත්තම්මගේ වැලිතලපෙට
හැමදාම පරාදවෙන
අම්මගේ පොල් වන්ඩු...

අපේ අම්ම හීනෙන්වත්
හදන්න නොහිතන,
රස හැලෙන - කුඩු හැලෙන
උඩබැලුම්..

අත්තම්මා නොහදන
අම්මාව දිනවන
ජයග්‍රාහී
ෆෘට් කේක්...!!!Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com6tag:blogger.com,1999:blog-7611912361727431473.post-68861217420236465612010-04-13T09:10:00.002+05:302010-04-13T09:18:29.175+05:30හුදකලා ප්රීතියනිර්වචනයක් හරියට දන්නේ නැති වුණත් මං හුදකලාවට හරිම ප්‍රියයි.හුදකලාව විඳීමක්..විඳවීමක්..වෙලාවකට ගැලවිල්ලක්..

ගෙදර නිවාඩුවෙ ඉන්න ලැබෙන ඉඩකඩ බොහොම අඩු නිසා අම්මටයි අප්පච්චිටයි ඕන එයාලා යන හැම නෑදෑ ගෙදරකටම මාවත් එක්ක යන්න.සමහර තැන් වලට ගිහින් බොරු හිනා මූණක් දාගෙන ඉන්න එක මට මහ එපා කරපු වැඩක්.ගිය සතියෙ දවසක ඒවගේ බොහොම දරුණු ගමනක් යන්න යෙදුණා.මටනම් බෑ කියලමයි හිතුනෙ.ගැලවෙන්න වෙන විකල්පයක් තිබුණෙම නැති නිසා අකමැත්තෙන් වුණත් මුසාවාදයක් පිට කරල තමයි අන්තිමට බේරෙන්න ලැබුණේ. මම අප්පච්චිට කිවුවා කැම්පස් එකෙ නොගිහින්ම බැරි වැඩක් වැටිලා කියලා.

ගමන යන දවසෙ වෙනදා වගේම අම්ම මාව ඇහරුවා උදෙන්ම.කඩිමුඩියෙ ලෑස්තිවෙලා එලියට බැහැලා වෙලාව බලනකොට පහමාරයි .

මට යන්න තැනක් නෑ.!!!!!!!!!!!!

ඇත්තටම මං කොහෙද යන්නේ...ඒක හරිම ආධුනික හැඟීමක්.යන්න එන්න තැනක් නැතිවෙච්චි කෙනෙකුට දැනෙන අසරණ හැඟීම මටත් මොහොතකට දැනුණා. කිවුවට මොකද එතකොට අපේ විභාගෙත් ඉවරයි.මගේ සගයෝ ටික ඔක්කොලාම ගෙවල් බලා ගිහින් .කැම්පස් එකේ අඳුරන කියන බලු බල්ලෙක් නැතුව ඇති. පගසුවෙන්ම යන්න පුළුවන් යාළු මිත්‍රාදීන් ඕන තරම් හිටියත් මට ඒකිසි තැනක යන්න හිත් දුන්නෙ නෑ .

මේක මම ඉල්ලලා දාගත්තු ලෙඩක්නේ.ඇත්තටම මට ඕන වුණේ වෙනස් දෙයක්.මගේම හුදකලාවක්.මගේම දවසක්.සිතිවිල්ලෙන්ම මං බස් හෝල්ට් එකත් පහු කරන් ගිහින්. හැමදාම බස්කටුවල යන එකේ මං එදා කෝච්චියෙන් යන්න තීරණය කළා. මන්දගාමී දුම්රියක් නිසා සෙනගත් අඩුයි. විසාල ජනේලයක් ලඟ වාඩිවෙලා ,හිසේ කෙස් ගැලවිලා යනතරමේ සැර , හීතල හුළං පාරට මුණ අල්ලගෙන ටික වෙලාවක් යද්දි හිත සන්සුං වෙලා ,අර අසරණ හැඟීම හුළඟට ගහගෙන ගියා වාගේ දැනුණා.අහස අළුපාටින් දම්පාටට හැරුණා.එලිවෙන්න හොඳටම ලඟයි.

"Good Morning..!" කියාගෙන විසාල ගමන් මල්ලක් එක්ක පොර අල්ලමින් සුදු සීයා කෙනෙක් මට එහාපැත්තෙන් වාඩි වුණා.මදැයි.දැන් උරුක් කරපල්ලකො කඩු උදේ පානදරම..!සීයලා ආච්චිලා කිවුවම ලොකේ කොහේ ඉඳන් ආවත් වෙනසක් නෑ වගෙයි.ඒගොල්ලන්ට ඕන කතා කරකර ඉන්න.සුදු සීයත් අනාරධිතවම කතාව පටන් ගත්තා.මං වචන ඇමුණුවා. සීයගේ කතා විලාසෙ හරි අපුරුයි.අතර මැදදි හහ් හහ් ගාලා මහා හයියෙන් හිනා වෙනවා .ඒ හිනාවෙන් ධයිර්යමත් වෙච්චි මං දන්න වචන ඔක්කොම දාලා කතාකරන්න ගත්තා.ඉංගිරිස් පොඩ්ඩක් වැරදුණාම හිනා වෙන්නේ කවුද කියලා මට පසක් වුණේ එදායි.

සීයා කලින් පාදිලි කෙනෙක්.එයාගේ පුතා අවුරුදු 2ක් තිස්සේ ලංකාවෙලු වැඩ කරන්නෙ.ඉතිං පුතාගේ අනුග්‍රහයෙන් තමා ලංකාව බලන්න ඇවිත් තියෙන්නේ.සීගිරිය බලන්නත් ගිහින්.කුරුටු ගී ගැන සීයට ප්‍රශ්නයක්.එයා තෙරුම් අරන් තියෙන්නේ කැටපත් පවුරෙ ලියලා තියෙන්නෙ සීගිරියෙ ඉදිකිරීම් ඉතිහාසයය කියලයි.ගයිඩ් කාරයා තව මොනව කියලද මන්ද.මං ඉතින් දන්න විදියට පැහැදිලි කර ල දුන්න.සිංහල පොතක තිබිල මතක් වෙච්චි කුරුටු ගීයකුත් කියල තෙරුමත් කිවුවා.

ලඳ මන බන්දනා - පහැබර සිනා රුස්නා
කතක් හී තොස්නා - මණි අකුස් හී ලයි ගන්නා...

ඇල්ම ඇති කරවන ,පහැබර සිනා ඇති ,සිතේ සතුට දනවන,කතකට ආලය කිරීම මැණික් හෙණ්ඩුවකින් පපුවට ඇන ගත්තා වැනිය..."

ඔන්න ඕකයි තේරුම.ඒක අහපු සීයා ආපහු මහා සද්දෙට හිනාවෙලා කිවුවා කතාවනම් සහතික ඇත්ත බව. :) එයා එක ඩයරියෙත් ලියගත්තා .බහින්න කලින් සීයා මට දුන්න ලස්ස්න පොස්ට් කාඩ් එකක්.මං මොනව දෙන්නද.වෙලාවට මතක් වෙලා මං ලඟ තිබ්බ අපෙ සොසයිටියෙන් ගහපු පෑන් 2කුයි,වෙනින් ෆැකල්ටියකින් ගහපු ඩේ කාඩ් එක්කුයි දුන්න..සීයට සතුටුයි.එයා කොච්චියෙන් බැහැලා ඈත නොපෙනී යනකන් අපි එකිනෙකාට අත වනා ගත්තා. ඒක හරිම ප්‍රීතිමත් හමුවීමක්.

කෝච්චියෙන් බැහලා කැම්පස් එකට යනකල් බස් එකේ නිදගත්තා.කැම්පස් එක පාළුවට ගිහින්. ෆොටෝකොපි කඩෙත් වහලා. සොයන්නාට සම්භවේ කිවුවා වගේ මං ඉතින් ආවෙත් හුදකලාව හොයාගෙනම නේ.

ළමයි නැති ටිකට මැයි ගස් මල් පුරෝගෙන. හරිත තණ ඇතිරිලි මල් පෙති වලින් වැහිලා...විසාල මැයි ගස් යට .. සුදු ටෙරාසෝ බංකු උඩත් මල්. හරියට චිත්‍රයක් වගෙයි...මාත් සිතුවමට එකතු වුණා. ..ඉර එළිය තැන තැන ආලෝක රටා අඳින උදෑසනක,...කුරුළු සංගීතෙ,හින් හුළඟ විඳගෙන..මල්පෙති විසිරුන සිතුවමක ඉඳන් රසවත් පොතක පිටු අතරෙ තනිවෙන එක කොච්චර සුන්දරද....

ඒක අති සුන්දර තනිකමක්..
ප්‍රීතිමත් හුදකලාවක්...
ජීවිතේ උපරිමයි කියන්නේ මෙන්න මේ වගේ නිමේශයන්ට වෙන්න ඇති .

වෙලාව ගියේ මටත් නොදැනිමයි.ගමන් මල්ල උඩත් මල්.සිතුවමෙන් මිදිලා මං ගියා ප්‍රින්ටවුට් කඩේට.කොලයකට 2.50යි.මට තිබ්බ කොළ 346ක් ගහන්න. වේටින් ලිස්ට් එකේ ඉඳලා බයින්ඩින්නුත් කරලා එළියට බහිද්දි 10ත් පහුවෙලා.

දැන් මොකද කරන්නේ.වැඩකුත් කරගත්තට ගෙදරයන්න කලින් වැඩියි.දැන් මොකද කරන්නේ.
හිතන්න...හිතන්න..හිතන්න...හිතුණා...!!!!!!!!.මං කොල්ලුපිටිය බලා පියෑඹුවා..පෝලිමකුත් නෑ.ටිකට්ගත්තා.මං ලිබර්ටි සිනමා හල ඇතුලේ.දෙවනි පාරටත් "My name is Khan" බලන්නයි යන්නේ.පලවෙනිපාර බලපු කොපිය සවුත්තු නිසා කොහෙත්ම පාඩුවක් නැහැ.කරදරයක් නැතුව පොප්කෝන් ගිලිමින් මම චිත්‍රපටිය බැළුවා.ශන්කර් මහදේවන්ගෙ සංගීතෙත් උපරිමයි.
ජීවිතේ නියමයි ..!

එළියට එද්දි 2.30ට කිට්ටුයි.බඩ කෙඳිරි ගානවා.කොහාටද යන්නේ..? උතුරින් P&S??..No..!!!! නැගෙනහිරින් Dine more??...No..!! එහෙනම් Caravaan..?? No! Pilavus..? No.! Indo Ceylone..??..YES !!!!!!!!!!.කෑම ප්‍රනීතයි.ගානත් පහසුයි.කාලා කොල්ලුපිටියෙන් කොටුවට එනටිකට මාව ආපහු විජලනය වුණා.ඉරට හැතැප්මයි නොවැ.ඔන්න එතකොට තමයි මතක් වුනේ කමුබොමු අයියලයෙ දොඩ්ම් කඩේ. බීම පංකාදුයි.වෙලාවෙ හැටියට කියලා වැඩක් නෑ.(කමු බොමු කට්ටියටම පිං )පවස හෙම නිවාගෙන ඉස්ටේසමට ගියා.

කෝච්චියට වෙලා වැඩියි.මම යකඩ පුටුවක හාන්සි වෙලා වටපිට නරබන්න ගත්තා.ඒක තවත් චිත්‍රපටියක් බලනවා වගේයි.විවිධාකාර මිනිස්සු,එක එක සෝරතියෙ අඳුම් ආයිත්තම් ,ගමන් තාල ,කතා බස්...බලාගෙන ඉන්න දේවල් ගොඩයි.ටිකවෙලාවක් යද්දි ඇඩ් එකක් වැටුනා.මල්ලිලා දෙන්නෙක් කොච්චියක් ගැන ඇහුවා.ඒගොල්ලො යන්නෙත් මං යන එකෙමයි.ක්‍රිකට් තරඟෙකට කොළඹ ආපු පාසල් කණ්ඩායමක්.ක්‍රීඩකයොයි,ගුරුවරුයි,ඔවුන්ගේ දෙමාපිය සහෝදර සහෝදරියනුයි ඔක්කොම 25ක් විතර.කතාවෙන් කතාවෙන් කොච්චියත් ආව.අපි ඔක්කොම එකම පෙට්ටියේ එකලඟ ආසනවල.

හරිම විනෝදකාමී පිරිසක්.මල්ලිලා සින්දුකියන්න පටන්ගත්තා.සර්ලා තත්තලාත් එකතු වුණා.අගේ ඇති සිංදු ටිකක් කියවුණා.මමත් ඉතින් පුළුවන් හැටියට සහයෝගය දුන්න.මාත් ඔවුන්ගෙම කෙනෙක් වෙලා.අතරින් පතර රටකජු,ඔරෙන්ජ්ක්රශ් එහෙම ලබුණා.ගුරුගෝල වෙනසක් නැතුව හැමෝම හිටියෙ හරි විනෝදෙන්.එවෙලේ තේරුමක් නැතත් ඒවගේ මොහොතවල් පස්සේ දවසක මතක් කරද්දි හරි අපුරුවට දැනේ වි.මතක ගබඩාවල ලොකු ඉඩකඩක් ලබා ගනීවි.

මම බහිද්දි හැමෝම් මට සුභ පැතුවා.මං සීයට අත වැනුවා වගේ කට්ටිය මට අත වැනුවා.තවත් සුන්දර හමුවීමක් සහ වෙන්වීමක්..

ගෙදර එද්දි අම්මලා ඇවිත්.මුණ කට හෝදගෙන තේ බොද්දි අම්ම ඇහුවා ගිය වැඩේ ගැන.මගේ මුණෙ ඇදුණෙ තෘප්තිමත් හිනාවක්.කියාගන්න බැරි හුඟක් දේවල් ඒකෙ හිබුනා.

ආතක් පාතක් නැතුව පටන් ගත්හට දවස සුන්දරයි.වින්දනය උපරිමයි.හුදකලාව ප්‍රීතිමත්.

මේ හැමදේම රඳා පවතින්නේ කෙනෙක් හිතන පහන ක්‍රියා කරන හැටියටයි. මම ඔහේ බුම්මගෙනන.එහෙම නැත්තන් හෙඩ්සෙට් එක ගහගෙන වෙන ලොකෙක වගේ හිටියනන් සුදු සීයගේ පිරිසිදු හිනාවවත් ,මල්ලිලගේ සිංදුවත් නැතුව තනිසඳේ යන්න එන්න තිබුණා.ගහක් යට වාඩි වුණොත් කාක්කෙක් තැග්ගක් දෙයි කියලා ලයිබ්‍රරිය අස්සට ගියානම් අර වගේ විචිත්‍ර අත්දැකිමක් කොහොම ලබන්නද... එහෙනම් දැනෙන හැඟීම් කොච්චර වෙනස් වෙන්න තිබුණද..... හිත කියන්නෙ ප්‍රබල ආම්පන්නයක්.හිතින් මතුවෙන සිතිවිලි අනුව කරන කටයුතු වලින් මොහොතක්..දවසක්..ජීවිතයක්.. කොයිතරම් දුරට වෙනස් කරගන්න පුළුවනිද..ඒවෙනස හොඳ පැත්තට කරගන්න පුළුවන් නම් ඒකයි වටින්නේ.

එදා ගමන් විඩාව උනත් තෘප්තිමත් ...

හැමවිටම නැතත් ජීවිතේ හරි සුන්දරයි...!

Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com6tag:blogger.com,1999:blog-7611912361727431473.post-7061604785929209352010-04-12T10:58:00.000+05:302010-04-12T10:57:58.188+05:30මතක වැල් ....පරණ ලාච්චුවක් කියන්නේ මතක ගොඩක්. අවුරුද්දට ගෙවල් දොරවල් අස් කරද්දී ,අයින්කරල දාල තිබ්බ මේසෙක ලාච්චුවකින් මට නිධානයක් හම්බුණා.
ආදරණීය මතක පොදියක්.....
උසස්පෙළ සමයට අදාල,පරණ නොවිච්ච මතක තොගයක්....
අතේ සතේ දීලා අරගතිපු කැම්පස් වලින් ගහපු බූක්මාර්ක්ස්(දැන් නං සල්ලිත් එක්ක දුන්නත් ගන්නේ නැහැ නේ.), ඒවයෙ පිටිපස්සෙ අපිම ලියාගතිපු කවි, වෙසක් කාර්ඩ්ස්, උපන්දින සුභ පැතුම්,විද්‍යුත් තැපෑල ජනප්‍රිය නැති ඒ කාලේ පිටරට හිටි යාළුවෙක් එවපු ලියුම්..වගේ සෙන්ටිමෙන්ටල් දේවල් ගොඩයි.

ඒවත් එක්ක තිබුණ ඔරිගමි ක්‍රමයට නවපු පුංචි සුදු හංසයා මට මතක වැලක් පෙන්නුවා.ඕක ලැබුණ දවස අපේ පන්සලේ කථින පිංකම.සමහර පුංචි දේවල් එක්ක ඊට සම්බන්ධ /කොහෙත්ම සම්බන්ධ නැති දේවල් පවා මතකෙට එන හැටි පුදුමයි.

කොහොමහරි ඔන්න මං හිටියේ ෆිසික්ස් පන්තියේ බංකු තීරුවක බොහොම අපහසුවෙන්.පිටිපස්සේ ඉඳන් අතින් අත මාරුවෙලා හංසයා මන් ලඟට අවා.මොන හේතුවක් නිසාද මන්දා (මතක නෑ )මට ඒක ඉස්සරහට පාස් කරන්න ලබුණේ නැහැ.ආපහු මතක් වුණේ පස්සේ දවසක ගණන් හදන්න කියලා ටියුට් මිටිය දිග ඇරගත්තු වෙලාවකයි. ෆිසික්ස් ගණන් වලට වඩා වෙන ඕනම දෙයක් හොඳයි කියලා හිතුණු කාලයක් නේ ඒක..:)මමත් ඔරිගමියක් නවන්න හිතාගෙන හංසයාව දිගඇරියා.

ඒකෙ ඇතුලේ කවියක්..!

"I'm too shy to ask.. I'm too proud to lose
but sooner or later I go to choose
But once gain I'm thinking about
taking the easy way out..

But if I let you go..I will never know....! "

හංසයන්ගේ පාදවල ගැට ගහලා සංදේශත් යැවුණු එකේ...නවීන තාලෙට සුදු කොලයක සංදේශය ලියලා ..ඒකෙන් හන්සයෙක්ව නවලා යවන එක් හරිම සුන්දර නිර්මානත්මක වැඩක්..

පස්සේ සතියේ යාළුවන්ගෙන් විපරම් කරල බැළුවට කවියේ අයිතිකාරයාවත් , එවුවේ කාටද කියලාවත් හොයා ගන්න බැරි වුණා .ඔන්න ඔහොමයි හංසයාට අන්තිමට මගේ ලාච්චුවේ පදිංචි වෙන්න සිද්ද වුණේ.

ඊට අවුරුදු ගාණකට පස්සේ වුණත් ආපහු ඒ අකුරු වැල් කියවද්දි දැනුණෙ හරිම ආදරණීය හැඟීමක්. හරියට කවුරුහරි මට ලියපු එකක් කියෙවුවා වගෙයි.මේක නියමිත කෙනා අතට ගියානම්..ඇය මේක කියෙවුවානම්...
ඒතනින් එයාගේ ජීවිතෙ මොනයම් හරි වෙනසක් වෙන්න තිබ්බේ නැද්ද..

පුංචි සුළු සුළු දේවල් සමහර වෙලාවට මුළු ජීවිත කථාවක්ම වෙනස් කරනවා. ..!

සමහර විට ඇය ඔහුගේ ආදරේ ගැන කවදාවත් දැනගන්න නැතුව ඇති.. එතකොට ඔහු.. ඇගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිකමෙන් දුක් වෙන්න ඇති... එහෙමත් නැත්නම් හංසයා නිසි කෙනා ලඟට පියෑඹුවෙ නැති හැටි දැකලා ඌ ආයෙමත් ඔරිගමියක් නවලා යැවුව වෙන්නත් බැරි නෑනේ.

අපි හැමෝම මතක වලට ලොබයි.සමහර වෙලාවට අපි යම් පුද්ගලයන්ටත් වඩා, ඒගොල්ලන් ගැන අපි ලඟ තියන මතක වලට ආදරෙයි.ඒනිසා වෙන්න ඇති කොච්චර සිත්රිදවීම් උණත් අපි ඒගොල්ලන්ට සමාව දෙන්නේ..අසුන්දර දේවල් කොයිතරම් සිද්ධ වුණත් සුන්දර අතීත මතකයන් මතක් කරගෙන හිත හදාගන්න හදන්නේ..

ජීවිතේ සමහර දේවල් මතක තියාගන්න අපිට බල කරනවා. ඒත් මොලේ හරියට පෙරහනක් වගෙයි.හැලිලා හලිලා ගිහින් අන්තිමට ඉතිරි වෙන්නේ සීමිත ප්‍රමාණයක්.

මේ මතක ගබඩාව ඕනම මනුස්සයෙක්ගේ ජීවිතේ වටිනම කොටසක්.වෙලාව්කට අපි ඒක අවුස්සන්න ,පතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න බයයි.ඒ අපි අකමැති දේවලුත් හියෙන්න පුළුවන් නිසා.මතක හිටින නොහිටින දේවල් කොයිවද කියලා 100%ක් තීයරණය කරන්න අපිට බැහැ.ඒත් තව කෙනෙකුගේ මතකයක් විදියට රැඳෙන්නේ කොයි විදියටද කියන එක තීරණය කරන්න බැරිකමක් නැහැනේ.

සුන්දර මතකයක් හැටියට තවෙකෙකුගේ හිතක, මතකයක සදාකලටම බැරිනම් බොහෝ කලක් හරි රැඳෙන්න පුළුවන් නම් අපි හරි වාසනාවන්තයි .
මොකද දන්නවද ...

මිනිස්සු මතක වලට හරි ආදරෙයි.. Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com7tag:blogger.com,1999:blog-7611912361727431473.post-53395810827765399212010-04-11T21:04:00.000+05:302010-04-11T08:35:11.379+05:30අග මුල නැති සිතිවිලි...සිතිවිලි...ජීවිතේ එක පරිච්ඡේදයක් ඉවරවෙන්න යද්දී ,අලුත් එකක් පටන් ගන්න යද්දී දැනෙන නොසංසුන්කම..හිස්බව.. .පැටලැවිල්ල ඇතුලේ මම හිරවෙලා.එලෙවල් ඉවරවෙලා කැම්පස් තේරෙනකල් ආතක් පාතක් නැතුව බලන් උන්නු කාලෙත් ටිකක් මෙන්න මේ වගේයි. ඒත් වර්තමාන තත්වය ඊට වඩා වෙනස්.හිතේ බර වැඩියි.මවපු හීන , දෙමවුපියන්ගෙ බලපොරොත්තු ඒ බරට එකතු වෙලා.

විශ්ව විද්‍යාලෙ කියන්නේ හරි අපූරු තැනක්.අත්දැකීම් ගොන්නක්.ඒ ජීවිතෙන් මිදෙන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. ඒත් තව නොබෝ කලකින්ම ඒ යථාර්තය මතුවෙනවා. ඊට පස්සේ ජිවිතේ කොයිවගේ වෙයිද ...ඒක නොපැහැදිලියි.

මිනිස්සු වෙනස් වෙනවා වගේම හීනත් වෙනස් වෙනවා.වෙනස් වෙන පුද්ගලයෙක් එක්ක හීනයක් වෙනස් නොවී පවතින්න පුළුවනිද? බැරිද? හීනයක් යථාර්තයට කොච්චර සමීප වෙන්න ඕනද? මේ හැම දේම පුද්ගලිකයි.අපි හිතුවට අපි අනිත් අයට වඩා වෙනස් කියලා ,අන්තිමට අපිත් අනිත් හැමෝම වගෙයි.

මේ හිස් බව හිතේම ස්වභාවයක්.සිතිවිලි වලින් ,දහසක් වැඩ වලින් වැහිල තියෙද්දි කොයින්ද හිස් බවට ඉඩක්.. එසයිමන්ට් ,ප්‍රොජෙට්ස්, විභාග ,නිදිමැරිලි එක්ක කාලයක් පොරබැදලා එකපාරටම දීර්ඝ නිවාඩුවක් ලැබුනහම ඒකට අනුගත වෙන්නත් ටිකක් අමාරුයි වගේයි.ඒත් කොයි තත්වෙට උණත් අන්තිමට අපි පුරුදු වෙනවා.

ලිවිම සහනයක්.ජීවිතේ ගැන ,චිත්ත සංතානය ගැන මේට කලින් නොහිතපු නොදැකපු පැති එතකොට පේන්න ගන්නවා. හරියට හිත ඇතුලේ තිබ්බ ඇහැක් විවෘත වෙලා වගෙයි.ඒ ඇහැට හුඟාක් දේවල් පේන්න ගන්නවා..තේරෙනවා...

අන්න ඒ ඇහැට වගේ මුළු ඇතුලාන්තය තේරුම්ගන්න,දකින්න පුළුවන් කෙනෙක්ව හැබෑ ජීවිතේදි යමෙකුට මුණගැහෙනවානම් ,ඒක වාසනාවෙ උපරිම අවස්ථාවක්.එහෙම වෙන්නේ හරිම කලාතුරකින් .

ඒත් ආදරේ සුලභයි....!Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com4tag:blogger.com,1999:blog-7611912361727431473.post-49622706334398153962010-02-12T09:55:00.000+05:302010-02-12T10:21:49.261+05:30හතළිහේ බත් ..දොළහ වූ සැනින්
කැන්ටිමට දිවීමි..
පෝලිමේ දිග මැන බැලීමි..
කොනක් නැති නිසාවෙන්
ලාභය අමතක කර
හැටේ බත් කෑමට
කැම්පස් කන්ද බැසීමි... Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com3tag:blogger.com,1999:blog-7611912361727431473.post-62926565699813030192010-02-12T09:40:00.000+05:302010-02-12T09:45:21.582+05:30අකුරුකවියක් ලියනුවස්
අකුරු සෙවුවෙමි.
කිහිපයක් හැර
සියල්ල
හමු විය .

නොලද අකුරු
තුන හතර නිසා
කවිය
සම්පූර්ණ කිරීමට
නොහැකි විය.Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com1tag:blogger.com,1999:blog-7611912361727431473.post-27768905944115207722010-02-12T09:14:00.000+05:302010-02-12T09:21:51.841+05:30තනියට හඳපාන්දර කළුවරේ මං යනකොට
හඳ එනවා මගේ තනියට
පහන් තරු එළියත් පත්තුකරගෙන
බස් එක ගාවටම ...
නිදා වැටෙනකොට මග දිගට
කවුළුවෙන් එබෙනවා
ඇහැ නොපියවා මොහොතකට
තනි නොතනියට මුළු දුරම..

කොළඹදී ඇහැරෙද්දි
හඳ ගිහින් ..!
තව දවසක් වෙහෙසන්න
ඉර ඇවිත් ...!!!Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com1tag:blogger.com,1999:blog-7611912361727431473.post-51930158661286560852009-09-22T10:12:00.002+05:302011-06-27T23:29:35.340+05:30මගේ පොත් සවාරිය සහ පශ්චාත් හන්දිපත් රුදාව
ඔන්න ඉතින් හැම අවුරුද්දකම වගේ විශාල ප්‍රීතියකින් මමත් ගියා පොත් ප්‍රදර්ශනේ බලන්න.හැබැයි තනියම..ටිකක් ගිහින් පුරුදු ඇත්තන්ට නම් මං කියන්නෙ තනියම යන එක තමා හොඳම වැඩේ.අත්වැල් අල්ලන් රංචු පිටින් ගියොත් වෙන්නේ පොත් ගන්නවට වඩා කට්ටිය ඉන්නවද කියල හොය හොය ඉන්න වෙන එකයි.

මං ප්‍රදර්ශනේට අඩුම තරමේ දවස් දෙකක් වත් යනවා.මොකද නෑදෑ යාළු හිත මිත්‍රාදීන් ගේන්න කියල දුන්නු එව්වා හොයන්න දවසක් ගියාම ම ට ඔන එව්ව ගන්න බැරි වෙන නිසා.යන්න ඔන්න මෙන්න තියලා නුවර පුන්චි අම්ම කතාකල්ල මහා ලිස්ට් එකක් කියෙව්වා.එයාට ඉතින් වැඩි පුරම බණ පොත් තමා ඔනා.බෞද්ධ ප්‍රකාශන එකෙන් සතිපට්ඨාන භාවනාවයි,අභිධර්ම පොතයි,හොයාගත්තා.හම් කවරයක් හෙම දාපු පිරුවාන පොත්වහන්සේ ගත්තත් හරි මාව පැත්තකට ඇල උණා.ඉතින් ඉතිරි දුරම ගියේ ඇල වෙලා තමයි..

ඔය අස්සේ දැක්ක අක්කලා නංගිලා නැන්දලා මාමලා මීමැහි පොදිය වගේ වටවෙලා ඉන්න තැනක්.50 % ඩිස්කවුන්ට් පොත් තොගයක්.බවලත් උදවිය ඇඳුම් තොරනවා වගේ මමත් ඉතින් ඔළුව එක තැනකිනුයි අත තව තැනකිනුයි රිංගවලා පොරේට බැස්සා.වැඩිපුර ඉතින් මල් කතා තමා තිබ්බේ.පහු බහින්නේ නැතිව පොර කාලා ගොර්කිගෙ පොතකුයි,හෙමිංවේගේ කෙටිකතා පොතකුයි,තව රුසියනු කතාවක කොටස් දෙකකුයි මතු කරගත්තා.හුස්ම හිර වෙන්න ගියාට පාඩු නෑ.

මං එද්දි අපෙ අක්කගේ පොඩි එකා කාටත් හොරෙන් මට කොලයක් දීලා ගියා.ඒක බලද්දි මට හිනා.පොල්ගෙඩි අකුරින් ශර්ලොක් හෝම්ස් පොත් 12කම නම් ලියලා.අනේ පුතෝ...හැබයි අම්ම පුතා වෙනුවෙන් දීපු ලිස්ට් එකේ නම් එව්වා මුකු තිබ්බෙ නෑ.ඒත් ඉතින් පොඩි එකාගෙ හිත නරක් කරන්න බැරි නිසා මං එයින් 2 කුත් තෝර ගත්ත.

බැල්කනි එකේ ඉතින් වැඩිපුර තියෙන්නේ පොඩි පොඩි කුටිනේ.. ඒත් ආපු එකේ බලලාම යන්න ඕනා කියලා ගියාමය් හිතුනේ ආපු එක කොච්චර හොඳද කියලා.Bargain පොත් කඩ 2ක්..!!!!!! මට ඉතින් ඉහේ මල් පිපුණ ගානයි.මං ඔය ඉංගිරිසි පොත් එහෙම වැඩිපුර ගන්නේ bargain කඩවලින් තමා.නියම ගානට තියන එව්වා ගන්න ගියොත් ඉතිං මුලු ප්රදර්ශනෙන්ම පොත් 3-4කට වඩා ගන්න වෙන්නෙ නැහැනේ..පොත් පෙරේතයින්ට පොත් වලට හොඳ ඉවක් තියනවාලුනේ.ඔය ඉවනිසාද මගේ වෙලාවාද මන්දා මට හම්බුනා නියම පොත් ටිකක්..
Paulo Coelho ගේ The Zahir (රු300 )
Aurthur Golden ගේ Memories of a Geisha (රු400 )
Michel Ondaatje ගේ Anils Ghost (රු300 )
1000යි ඔක්කොටම ගියේ.නියම ගාණට ගත්තානම් 4000 පනිනවා.(ඔන්න මංවගේ කට්ටිය ඉන්නවානම් බැල්කනියේ කඩ 2 අමතක කරන්න එපා. )Da vinci code තිබ්බ 450 ට.හපොයි දුකේ බෑ.මං කලින් පාරක ගත්තේ 1200ට නේ...

ඊලඟට අමාරු උනේ අප්පච්චිගෙ පොත් ටික හොයා ගන්නයි.

Primary principles of labor law, ඇටිලාගේ නායකත්ව රහස්, Why I am not a christian, විපරම,පනාපුත්‍ර ගේ මතක වස්තුව(මේක නම් නියම පොතක් වගේ.ජැක්සන් ඇන්තනි මහත්මයා ලියලා තියෙන්නේ ).. , .......... , .............අපේ අප්පච්ච් බුක්ෆෙයා මුලින්ම පටන් ගත්තු එකේ ඉන්දන්ම ගියා.ඉස්සර අප්පච්චි පොත් ගේනකන් මං මග බලා ඉන්නවා.ඒත් දැන් ඒකෙ අනිත් පැත්ත තමා වෙන්නෙ. දැන් එයැයිට සනීප මදි යන්න. බොහොම පිලිවෙලට පොත්වල නම,කතෘ,ප්‍රකාශකයා හෙම ලියලා සල්ලිත් එක්ක පොත් ලිස්ට් එක අතේ තියද්දි මට හරියට දුක හිතුණා ඉස්සර මතක් වෙලා..සෑහෙන අමාරුවෙන් උණත් 1ක් හැර අනිත් සේරොම හොයාගත්තා.

බණ්ඩාර්ණායක හෝල් එකෙන් පිට වෙද්දි 11ට කිට්ටුයි.වාඩිවෙන්නවත් ඉඩක් නැහැ එලියෙ.අන්තිමට සිරිමාවෝ එක ඉස්සරහා උත්සව හෙම තියන කෑල්ලේ පුටුවක් හොයා ගත්ත හති අරින්න.මෙන්න කව්දෝ මට හොඳ short-eats පිගානක් ඇල්ලුවා..අනේ පිංසිද්ද වෙච්චාවේ !!!.එතන මොකද්ද උත්සව සභාවක්..පුටු වල හිටි හැමෝටම සංග්‍රහ ලැබුණා.සුනිල් මාධව මහත්මයා කථාවකුත් පවත්වන්න පටන් ගත්තා.උදේ කෑමත් හරි...

ඔන්න ඔය හරියෙම තියනවා හරි අපූරු පුංචි කුටියක්.තනිකරම කවි පොත්.කවිකාරයින්ගේ එකමුතුවෙන් තමා කරන්නේ.අම්මා දෙපාරක්ම මතක් කරපු එරික් ඉලයප්ආරච්චිගෙ "මගෙ කොළඹට හඳ පායයි" (මෙවර සාහිත්‍ය සම්මාන ලද )පොත බොහොම පහසුවෙන් එතනින් හොයා ගත්තා.තව මංජුල වෙඩිවර්ධනයන්ගේ "මේ ස්නේහයේ කල්වාරියයි" කියන පොතයි ආරියවංශ රණවීරයන්ගේ "මග දෙපස මල්" චීන කවි එකතුවයිත් ගත්තා.ඇත්තටම ඒවගේ එකම තැනකින් ගන්න ලැබුන එක හරි පහසුවක්.කවිකාරයින්ගේ එකමුතුවට තුති..!!!

අඩුගාණට කඩු පොත් ටිකකුත් ලැබුණා ඒ හරියෙන්ම.අපේ අප්පච්චිගෙන් මට ලකුණු වැඩිපුර වැටෙනවා ඉංගිරිස් පොතුත් ගෙනිච්චාම... :) කලින් පාර වගේම චිකන්සුප් පොත්2ක් හම්බුණා."Chicken soup for writers soul" , " Chicken soup for the surviving soul "අගේ ඇති පොතක් වගේ.කියවනකන් ඉවසුමක් නෑ.අක්කණ්ඩිනම් මට හිනාවෙනවා හැමදාම..මෙයා අප්පච්චිට කියල චිකන්සුප් ගේන හේතුව අපි දන්නවා කියලා..

ඒ රවුම ගියාම හොඳ ගනන්.ඔන්න මං ආපහු අර උත්සව ශාලවට ඇවිත් වාඩි උණා.(සංග්‍රහ නම් නෑ ඒපාර )තව උත්සවයක් පටන් ගත්තා..ආරාධිත අමුත්තා...ආචාර්ය මර්වින් සිල්වා...!!!උන්නැහැ ඇවිදන් ආවත් හරි පිටිපස්සෙ ආසන වල බාගයක්ම දෙනා නැගිටල ගියා..වස ලැජ්ජාව...කැළණිය හරියෙදි මුන ගැහුනොත් අඩුගානෙ රවල යන්න හරි මූණු පොඩිය බලාගන්න තව තප්පර කීපයක් ඉඳලා මාත් ආවා.හිම කිරමක් හෙම කාලා සිරිමවෝ හෝල් එකට කිට්ටු වෙනකොටම ආචාර්ය තුමාගේ දේසනාව ඇහෙන්න ගත්තා..මංගල ගැනත් හයියෙන් කියවුණා..අනේ සංසාරේ...කවි පොතක් දොරට වදින උත්සවේදිත්...

සරසවි කුටියේ පිරෙන්නම සෙනග.ඒත් නොගිහින් පුලුවනැයි..ඉතින් කකුල් පාගගෙන රැවුම් ගෙරවුම් අස්සෙ ඇතුලට රිංගා ගත්තා.අල්ලපුගෙදර ඇන්ටිට ගත්ත පබිලිස් මාමාගේ කෑම වට්ටෝරු පොත.අන්කල්ට ඇනා කැරනිනා සිංහල පරිවර්තනය.(එයාට අර තඩි පොතම ඔනාය කිව්වා )අපේ පොඩි එකාට හැරී පොටර් සිංහල පොත..(අනේ ඒකාට තාම ඉංගිරීසිය කියවාගන්න බෑ )අම්මට සිංහල ව්‍යාකරණ පොත්....... , ............ , ....

අනෙ අප්පේ සමහර බවලත් උදවිය පොත් ගන්නේ හරියට එළවළු ගන්නව වගේ නේ...කවරෙ දෙපැත්ත බැලුවා ..ගත්තා..එච්චරටම තමා ගන්න පොත ගැන කලින් දන්නවානම් ඔන්න කමක් නැ..ඒත් දන්නවද කියන එක තමා හිතාගන්න බැරි..කට්ටිය යහමින් පොත් ගන්නවා..ළමයින්ටත් ඉල්ලන පමාවෙන් අරන් දෙනවා..අනේ ඉතින් ඔය ගන්න පමණට ගෙනියන පමණට කියවනවානම් බොහොම අගෙයි..බොහෝ දෙනෙක් අතේ සුනේත්‍රා රජකරුණානයක මහත්මියගෙ පොදු පුරුෂයා තිබ්බා.(මෙවර හොඳම නව කථාව ) .ඇත්තටම නියම පොත.මං ඒක ගියපාර ගත්තනේ.සුනේත්‍රා මහත්මියගෙ අලුත් පොත් නෑකියලයි මං හිතුවෙ..මෙන්න තියනවා "බුද්ධදාසී" සුදට සුදේ..උඩම රාක්කයක...පොත බොහොම බරයි.ගාණත් ඒවගේමයි.ඒත් මගේ ප්‍රියතම ලේඛ්කාවගෙ පොත නොගෙන කොහොමද...පොත් වලට සල්ලිගෙවන්න සෑහෙන වෙලාවක් ඉන්න උණා පෝලිමේ.ඉතිරි සල්ලි එක්ක කවුන්ටරේ අක්ක තව මොකද්දෝ දුන්නා.."ආකාස කුසුම්" බලන්න නොමිලේ ප්‍රවේශ පත්‍රයක්..!!!නියමයි නේ..දෙවැනිපාරටත් බලන්න ඕන..

තව පැයක් 2ක් ඇවිදලා අතින් කටින් එල්ලගෙන 154 කට ගොඩවෙද්දි 4ත් පහුවෙලා.උදේ ගෙදරින් ආවේ 7 ටනේ.තුම්මුල්ලේ බලා හිටියත් ආසන තියන බස් එකක් හම්බුනේ නෑ.ගල් පැටෙව්වා වගේ මලු උස්සගෙන ඉන්න හැටි දැකලා දුක හිතිලාද කොහෙද කරුණාවන්ත නංගි කෙනෙක් බෑග්1ක් ඉල්ලගත්තා.අනිත් මල්ල කරේ.ඒ බර උස්සගෙන පැය 2ක් බස් එකේ හිටන් ඇවිත් ගෙවල් ගාවින් බහිද්දි නිකන් උරහිසක් නෑ වගේ..හැබැයි හිත නම් ඉස්මුත්තෙටම පිරිලා.

හරස් පාරෙ මගක් එනකොටම පොඩි එකා දුවලා ඇවිත්ත් මල්ලක් ඉල්ල ගත්තා.ඌ හවස් වරුවෙම බලා ඉඳලා මන් එනකන්.අල්ලපු ගෙදර පොත් ටික ගේට්ටුව ගාවදිම දුන්නා..වයසක දෙපලට හරි සතුටුයි.මන් ඇන්ටිට පැච්වර්ක් පොතකුත් ගත්තනේ නිකමට වගේ.. :)) අනේ එයා වැඩිපුරම සතුටු උණෙ ඒකට..

ගෙදරට එද්දි අම්මා, අප්පච්චි ,අක්කා ,මස්සිනා හැමෝම දොරකඩ.මට මහා ආඩම්බරයක් දැනුණා.මං  හම්බුකළ සතයක් වත් නෑ තමා..ඒත් හැමෝම මං  පොත් අරන් එනකන් මග බලන් උන්නු හැටි දැක්කම මගෙ හිත ආදරෙන් පිරිලා ගියා..මස්සිනා අයියට මල් එයාට ගෙනා ස්පෝර්ට්ස් සඟරා ටික දුන්නම.ශර්ලොක් හෝම්ස් දැකලා කොල්ලාගේ ඇස් දිලිසුණා..ඌ හිතන්නෙ නැතුව ඇති මං ගෙනෙයි කියලා..(ගෙනාවෙ නැත්නම් පොඩි එකාට කොච්චර දුක හිතෙය්ද.. )
අප්පච්චිටත් හරිම සන්තෝසයි එයාගෙ ගොඩ දැකලා..අනේ ඉස්සර මාත් එහෙමනේ අප්පච්චි පොත් ගෙනාවම..සිලිකවර අයින් කරලා පුත්‍රයා සේරොම පොත් ටික සාලේ මේසේ මැද ගොඩ ගැහුවා..මටම පුදුමයි එච්චර උස්සන් ආවද කියලා..දැන් උරපත්තනම් හොදටම රිදෙනවා..අම්මට කියලා තෙල් වත් ගාව ගන්න ඕන.ඇයි ආයි දවසක් යන්න එපැයි මගෙ ගොඩ ගේන්න...

කොච්චර අමාරුකන් උණත් අලුත් පොත් ව්ල සුවඳින් මුලු හිතම පිරිලා.මං හම්බකල්ලා ගෙනාවා වගේ සතුටුයි..පොත් කියන්නෙ ඉතින් මට නම් ජීවිතේ වගේ තමා...

Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com6tag:blogger.com,1999:blog-7611912361727431473.post-40874725019853565322009-09-21T13:14:00.001+05:302011-06-27T23:30:39.110+05:30මගේ පොත් සවාරිය සහ පශ්චාත් හන්දිපත් රුදාවඔන්න ඉතින් හැම අවුරුද්දකම වගේ විශාල ප්‍රීතියකින් මමත් ගියා පොත් ප්‍රදර්ශනේ බලන්න.හැබැයි තනියම..ටිකක් ගිහින් පුරුදු ඇත්තන්ට නම් මං කියන්නෙ තනියම යන එක තමා හොඳම වැඩේ.අත්වැල් අල්ලන් රංචු පිටින් ගියොත් වෙන්නේ පොත් ගන්නවට වඩා කට්ටිය ඉන්නවද කියල හොය හොය ඉන්න වෙන එකයි.

මං ප්‍රදර්ශනේට අඩුම තරමේ දවස් දෙකක් වත් යනවා.මොකද නෑදෑ යාළු හිත මිත්‍රාදීන් ගේන්න කියල දුන්නු එව්වා හොයන්න දවසක් ගියාම ම ට ඔන එව්ව ගන්න බැරි වෙන නිසා.යන්න ඔන්න මෙන්න තියලා නුවර පුන්චි අම්ම කතාකල්ල මහා ලිස්ට් එකක් කියෙව්වා.එයාට ඉතින් වැඩි පුරම බණ පොත් තමා ඔනා.බෞද්ධ ප්‍රකාශන එකෙන් සතිපට්ඨාන භාවනාවයි,අභිධර්ම පොතයි,හොයාගත්තා.හම් කවරයක් හෙම දාපු පිරුවාන පොත්වහන්සේ ගත්තත් හරි මාව පැත්තකට ඇල උණා.ඉතින් ඉතිරි දුරම ගියේ ඇල වෙලා තමයි..

ඔය අස්සේ දැක්ක අක්කලා නංගිලා නැන්දලා මාමලා මීමැහි පොදිය වගේ වටවෙලා ඉන්න තැනක්.50 % ඩිස්කවුන්ට් පොත් තොගයක්.බවලත් උදවිය ඇඳුම් තොරනවා වගේ මමත් ඉතින් ඔළුව එක තැනකිනුයි අත තව තැනකිනුයි රිංගවලා පොරේට බැස්සා.වැඩිපුර ඉතින් මල් කතා තමා තිබ්බේ.පහු බහින්නේ නැතිව පොර කාලා ගොර්කිගෙ පොතකුයි,හෙමිංවේගේ කෙටිකතා පොතකුයි,තව රුසියනු කතාවක කොටස් දෙකකුයි මතු කරගත්තා.හුස්ම හිර වෙන්න ගියාට පාඩු නෑ.

මං එද්දි අපෙ අක්කගේ පොඩි එකා කාටත් හොරෙන් මට කොලයක් දීලා ගියා.ඒක බලද්දි මට හිනා.පොල්ගෙඩි අකුරින් ශර්ලොක් හෝම්ස් පොත් 12කම නම් ලියලා.අනේ පුතෝ...හැබයි අම්ම පුතා වෙනුවෙන් දීපු ලිස්ට් එකේ නම් එව්වා මුකු තිබ්බෙ නෑ.ඒත් ඉතින් පොඩි එකාගෙ හිත නරක් කරන්න බැරි නිසා මං එයින් 2 කුත් තෝර ගත්ත.

බැල්කනි එකේ ඉතින් වැඩිපුර තියෙන්නේ පොඩි පොඩි කුටිනේ.. ඒත් ආපු එකේ බලලාම යන්න ඕනා කියලා ගියාමය් හිතුනේ ආපු එක කොච්චර හොඳද කියලා.Bargain පොත් කඩ 2ක්..!!!!!! මට ඉතින් ඉහේ මල් පිපුණ ගානයි.මං ඔය ඉංගිරිසි පොත් එහෙම වැඩිපුර ගන්නේ bargain කඩවලින් තමා.නියම ගානට තියන එව්වා ගන්න ගියොත් ඉතිං මුලු ප්රදර්ශනෙන්ම පොත් 3-4කට වඩා ගන්න වෙන්නෙ නැහැනේ..පොත් පෙරේතයින්ට පොත් වලට හොඳ ඉවක් තියනවාලුනේ.ඔය ඉවනිසාද මගේ වෙලාවාද මන්දා මට හම්බුනා නියම පොත් ටිකක්..
Paulo Coelho ගේ The Zahir (රු300 )
Aurthur Golden ගේ Memories of a Geisha (රු400 )
Michel Ondaatje ගේ Anils Ghost (රු300 )
1000යි ඔක්කොටම ගියේ.නියම ගාණට ගත්තානම් 4000 පනිනවා.(ඔන්න මංවගේ කට්ටිය ඉන්නවානම් බැල්කනියේ කඩ 2 අමතක කරන්න එපා. )Da vinci code තිබ්බ 450 ට.හපොයි දුකේ බෑ.මං කලින් පාරක ගත්තේ 1200ට නේ...

ඊලඟට අමාරු උනේ අප්පච්චිගෙ පොත් ටික හොයා ගන්නයි.

Primary principles of labor law, ඇටිලාගේ නායකත්ව රහස්, Why I am not a christian, විපරම,පනාපුත්‍ර ගේ මතක වස්තුව(මේක නම් නියම පොතක් වගේ.ජැක්සන් ඇන්තනි මහත්මයා ලියලා තියෙන්නේ ).. , .......... , .............අපේ අප්පච්ච් බුක්ෆෙයා මුලින්ම පටන් ගත්තු එකේ ඉන්දන්ම ගියා.ඉස්සර අප්පච්චි පොත් ගේනකන් මං මග බලා ඉන්නවා.ඒත් දැන් ඒකෙ අනිත් පැත්ත තමා වෙන්නෙ. දැන් එයැයිට සනීප මදි යන්න. බොහොම පිලිවෙලට පොත්වල නම,කතෘ,ප්‍රකාශකයා හෙම ලියලා සල්ලිත් එක්ක පොත් ලිස්ට් එක අතේ තියද්දි මට හරියට දුක හිතුණා ඉස්සර මතක් වෙලා..සෑහෙන අමාරුවෙන් උණත් 1ක් හැර අනිත් සේරොම හොයාගත්තා.

බණ්ඩාර්ණායක හෝල් එකෙන් පිට වෙද්දි 11ට කිට්ටුයි.වාඩිවෙන්නවත් ඉඩක් නැහැ එලියෙ.අන්තිමට සිරිමාවෝ එක ඉස්සරහා උත්සව හෙම තියන කෑල්ලේ පුටුවක් හොයා ගත්ත හති අරින්න.මෙන්න කව්දෝ මට හොඳ short-eats පිගානක් ඇල්ලුවා..අනේ පිංසිද්ද වෙච්චාවේ !!!.එතන මොකද්ද උත්සව සභාවක්..පුටු වල හිටි හැමෝටම සංග්‍රහ ලැබුණා.සුනිල් මාධව මහත්මයා කථාවකුත් පවත්වන්න පටන් ගත්තා.උදේ කෑමත් හරි...

ඔන්න ඔය හරියෙම තියනවා හරි අපූරු පුංචි කුටියක්.තනිකරම කවි පොත්.කවිකාරයින්ගේ එකමුතුවෙන් තමා කරන්නේ.අම්මා දෙපාරක්ම මතක් කරපු එරික් ඉලයප්ආරච්චිගෙ "මගෙ කොළඹට හඳ පායයි" (මෙවර සාහිත්‍ය සම්මාන ලද )පොත බොහොම පහසුවෙන් එතනින් හොයා ගත්තා.තව මංජුල වෙඩිවර්ධනයන්ගේ "මේ ස්නේහයේ කල්වාරියයි" කියන පොතයි ආරියවංශ රණවීරයන්ගේ "මග දෙපස මල්" චීන කවි එකතුවයිත් ගත්තා.ඇත්තටම ඒවගේ එකම තැනකින් ගන්න ලැබුන එක හරි පහසුවක්.කවිකාරයින්ගේ එකමුතුවට තුති..!!!

අඩුගාණට කඩු පොත් ටිකකුත් ලැබුණා ඒ හරියෙන්ම.අපේ අප්පච්චිගෙන් මට ලකුණු වැඩිපුර වැටෙනවා ඉංගිරිස් පොතුත් ගෙනිච්චාම... :) කලින් පාර වගේම චිකන්සුප් පොත්2ක් හම්බුණා."Chicken soup for writers soul" , " Chicken soup for the surviving soul "අගේ ඇති පොතක් වගේ.කියවනකන් ඉවසුමක් නෑ.අක්කණ්ඩිනම් මට හිනාවෙනවා හැමදාම..මෙයා අප්පච්චිට කියල චිකන්සුප් ගේන හේතුව අපි දන්නවා කියලා..

ඒ රවුම ගියාම හොඳ ගනන්.ඔන්න මං ආපහු අර උත්සව ශාලවට ඇවිත් වාඩි උණා.(සංග්‍රහ නම් නෑ ඒපාර )තව උත්සවයක් පටන් ගත්තා..ආරාධිත අමුත්තා...ආචාර්ය මර්වින් සිල්වා...!!!උන්නැහැ ඇවිදන් ආවත් හරි පිටිපස්සෙ ආසන වල බාගයක්ම දෙනා නැගිටල ගියා..වස ලැජ්ජාව...කැළණිය හරියෙදි මුන ගැහුනොත් අඩුගානෙ රවල යන්න හරි මූණු පොඩිය බලාගන්න තව තප්පර කීපයක් ඉඳලා මාත් ආවා.හිම කිරමක් හෙම කාලා සිරිමවෝ හෝල් එකට කිට්ටු වෙනකොටම ආචාර්ය තුමාගේ දේසනාව ඇහෙන්න ගත්තා..මංගල ගැනත් හයියෙන් කියවුණා..අනේ සංසාරේ...කවි පොතක් දොරට වදින උත්සවේදිත්...

සරසවි කුටියේ පිරෙන්නම සෙනග.ඒත් නොගිහින් පුලුවනැයි..ඉතින් කකුල් පාගගෙන රැවුම් ගෙරවුම් අස්සෙ ඇතුලට රිංගා ගත්තා.අල්ලපුගෙදර ඇන්ටිට ගත්ත පබිලිස් මාමාගේ කෑම වට්ටෝරු පොත.අන්කල්ට ඇනා කැරනිනා සිංහල පරිවර්තනය.(එයාට අර තඩි පොතම ඔනාය කිව්වා )අපේ පොඩි එකාට හැරී පොටර් සිංහල පොත..(අනේ ඒකාට තාම ඉංගිරීසිය කියවාගන්න බෑ )අම්මට සිංහල ව්‍යාකරණ පොත්....... , ............ , ....

අනෙ අප්පේ සමහර බවලත් උදවිය පොත් ගන්නේ හරියට එළවළු ගන්නව වගේ නේ...කවරෙ දෙපැත්ත බැලුවා ..ගත්තා..එච්චරටම තමා ගන්න පොත ගැන කලින් දන්නවානම් ඔන්න කමක් නැ..ඒත් දන්නවද කියන එක තමා හිතාගන්න බැරි..කට්ටිය යහමින් පොත් ගන්නවා..ළමයින්ටත් ඉල්ලන පමාවෙන් අරන් දෙනවා..අනේ ඉතින් ඔය ගන්න පමණට ගෙනියන පමණට කියවනවානම් බොහොම අගෙයි..බොහෝ දෙනෙක් අතේ සුනේත්‍රා රජකරුණානයක මහත්මියගෙ පොදු පුරුෂයා තිබ්බා.(මෙවර හොඳම නව කථාව ) .ඇත්තටම නියම පොත.මං ඒක ගියපාර ගත්තනේ.සුනේත්‍රා මහත්මියගෙ අලුත් පොත් නෑකියලයි මං හිතුවෙ..මෙන්න තියනවා "බුද්ධදාසී" සුදට සුදේ..උඩම රාක්කයක...පොත බොහොම බරයි.ගාණත් ඒවගේමයි.ඒත් මගේ ප්‍රියතම ලේඛ්කාවගෙ පොත නොගෙන කොහොමද...පොත් වලට සල්ලිගෙවන්න සෑහෙන වෙලාවක් ඉන්න උණා පෝලිමේ.ඉතිරි සල්ලි එක්ක කවුන්ටරේ අක්ක තව මොකද්දෝ දුන්නා.."ආකාස කුසුම්" බලන්න නොමිලේ ප්‍රවේශ පත්‍රයක්..!!!නියමයි නේ..දෙවැනිපාරටත් බලන්න ඕන..

තව පැයක් 2ක් ඇවිදලා අතින් කටින් එල්ලගෙන 154 කට ගොඩවෙද්දි 4ත් පහුවෙලා.උදේ ගෙදරින් ආවේ 7 ටනේ.තුම්මුල්ලේ බලා හිටියත් ආසන තියන බස් එකක් හම්බුනේ නෑ.ගල් පැටෙව්වා වගේ මලු උස්සගෙන ඉන්න හැටි දැකලා දුක හිතිලාද කොහෙද කරුණාවන්ත නංගි කෙනෙක් බෑග්1ක් ඉල්ලගත්තා.අනිත් මල්ල කරේ.ඒ බර උස්සගෙන පැය 2ක් බස් එකේ හිටන් ඇවිත් ගෙවල් ගාවින් බහිද්දි නිකන් උරහිසක් නෑ වගේ..හැබැයි හිත නම් ඉස්මුත්තෙටම පිරිලා.

හරස් පාරෙ මගක් එනකොටම පොඩි එකා දුවලා ඇවිත්ත් මල්ලක් ඉල්ල ගත්තා.ඌ හවස් වරුවෙම බලා ඉඳලා මන් එනකන්.අල්ලපු ගෙදර පොත් ටික ගේට්ටුව ගාවදිම දුන්නා..වයසක දෙපලට හරි සතුටුයි.මන් ඇන්ටිට පැච්වර්ක් පොතකුත් ගත්තනේ නිකමට වගේ.. :)) අනේ එයා වැඩිපුරම සතුටු උණෙ ඒකට..

ගෙදරට එද්දි අම්මා, අප්පච්චි ,අක්කා ,මස්සිනා හැමෝම දොරකඩ.මට මහා ආඩම්බරයක් දැනුණා.මං  හම්බුකළ සතයක් වත් නෑ තමා..ඒත් හැමෝම මං  පොත් අරන් එනකන් මග බලන් උන්නු හැටි දැක්කම මගෙ හිත ආදරෙන් පිරිලා ගියා..මස්සිනා අයියට මල් එයාට ගෙනා ස්පෝර්ට්ස් සඟරා ටික දුන්නම.ශර්ලොක් හෝම්ස් දැකලා කොල්ලාගේ ඇස් දිලිසුණා..ඌ හිතන්නෙ නැතුව ඇති මං ගෙනෙයි කියලා..(ගෙනාවෙ නැත්නම් පොඩි එකාට කොච්චර දුක හිතෙය්ද.. )
අප්පච්චිටත් හරිම සන්තෝසයි එයාගෙ ගොඩ දැකලා..අනේ ඉස්සර මාත් එහෙමනේ අප්පච්චි පොත් ගෙනාවම..සිලිකවර අයින් කරලා පුත්‍රයා සේරොම පොත් ටික සාලේ මේසේ මැද ගොඩ ගැහුවා..මටම පුදුමයි එච්චර උස්සන් ආවද කියලා..දැන් උරපත්තනම් හොදටම රිදෙනවා..අම්මට කියලා තෙල් වත් ගාව ගන්න ඕන.ඇයි ආයි දවසක් යන්න එපැයි මගෙ ගොඩ ගේන්න...

කොච්චර අමාරුකන් උණත් අලුත් පොත් ව්ල සුවඳින් මුලු හිතම පිරිලා.මං හම්බකල්ලා ගෙනාවා වගේ සතුටුයි..පොත් කියන්නෙ ඉතින් මට නම් ජීවිතේ වගේ තමා...Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com5tag:blogger.com,1999:blog-7611912361727431473.post-3798241995338068232009-08-21T00:46:00.001+05:302011-06-27T23:35:18.139+05:30අක්කා සහ කඳුළු තේ...අක්කා විවාහ වී අයියාගේ නිවසේ පදිංචියට ගියත් මට හැම විටම දැනෙන්නේ ඇය ඉන්නවා කියලමයි.ඇගේ ආදරය එතරම් ඝණකමට ගෙදර හැම අහුමුල්ලකටම රිංගලා..පැතිරිලා..අම්මානම් තවම වැඩි කථාබහක් නැහැ.ඇගේ දෑස් දීප්තිමත් වෙන්නේ දුරකථනය නාදවෙනකොට තමා..

මංගල්‍යයදා සියලු නෑදෑ හිතමිතුරන්ගෙන් සමුගන්න වෙලේ එකදු කඳුලක් නොහෙලූ අක්කා අම්මාව බදාගෙන නොසෙල්වී සිටි මොහොතේ, අක්කාගේ හැර පැමිණ උන් සියල්ලන්ගේම දෑස් තෙත් වෙන්න ඇති.නමුත් ඇගේ කඳුළු දැක්කේ මම විතරයි..ඒ මගුල් දාට කලින් දිනයේ නොසිතූ වෙලාවකයි.අක්කා සිහිවන හැම වෙලාවකදීම එදා ඇගේ මුහුනේ තිබූ හැඟීම් රේඛා සියල්ල සමග ඇගේ රුව මැවෙනවා..එතකොට දෑස් බොඳ වෙලා ඉවරයි මටත් නොදැනීම..

මංගල්‍යයට කලින්දවසේ ගෙදර හරිම ප්‍රීතිමත්..එදාදවල් අපි පන්සලට දානයක් දුන්නා.ඒ වැඩ නිමකල්ලා කෑම බීම,වළං පිඟන් ආදිය අස්කරලා හැමෝම පුටු උඩ, පුටුඇඳි උඩ, ජනෙල් පඩිඋඩ එහෙම වාඩිවෙලා විහිළුතහළු කරමින් හිටියා.පවුලේ නෑදෑ ළමා ලපටි හැමෝම එකතුවෙන්නේ බොහොම කලාතුරකින්නේ.ඒත් අක්කාට නම් නිවණක් තිබුණේ නැහැ.ඇය ඒ මොහොතෙත් දුරකථනයට කොටු වෙලා කාටදෝ උපදෙස් දුන්නා.වැඩේ ඉවරයක් කරලම අක්කා ඇඳි පුටුවේ හරිබරි ගැහුනේ ලොකුඅක්කගේ පොඩි එකාවත් ඔඩොක්කුවේ වාඩිකරන්.ඔන්න ඉතින් සතුටු සාමීචිය පැය භාගයක් විතර යද්දී අපේ අප්පච්ච්ට තේ තිබහක් ආවා.ආච්චිඅම්මාටත් කියවුණා කහට උගුරක් තිබ්බානම් හොඳයි කියලා.

අපේ ගෙදර තේ කෝස් එක හැමදාම කරන්නේ අක්කා තමයි.ලොකු අක්කාගේ තේ වලට ඡන්ද ඉතාම අඩු නිසා හැමෝම අක්ක දිහා බැලුවා."..මැණිකේ..ඉතින් අද විතරයිනේ.." කියලා දයා පුංචි ආදරෙන් කිව්වාට පස්සෙයි අක්කා මූණ නරක් කරන් උනත් නැගිට්ටේ.

පොඩි එකා පිස්සු දඟවැඩ කරලා අපි හමෝවම හිනස්සන අතරේ තේ වෙනදාටවඩා පරක්කු බව අම්මට මතක් උණා.ආච්චම්මා සනීපෙට ඔළුව අතගාන අතරේ නිදිකිරාවැටෙමින් උන් මම "අක්කේ....මොකද පරක්කූ.." කියා අහගෙන කුස්සියට ගියේ නිදිමතේමයි.කෑම කාමරේ තිර නොදැමූ ජනේලය හරහ පෙනුණ දසුන මාව හිටි අඩියේම නතරකලේ පපුවේ ගඹුරුම තැනක යමක් හිරකරමින්.

මගේ අක්කා..මගේ ආදරණීය අක්කා..කුස්සියේ තේ හදන තැන බිම ගුලිවී වාඩිවෙලා දෑතින් පපුවට යමක් තදින් හිරකරගෙන සිටියා..සැම විටම සිනාරැලි වලින් වසාගෙන සිටි ඇගේ දුක පුපුරාගොස් දෝරේ ගලායමින් තිබුණා....හැඬුම් නවතා ගන්න දැඩි අරගලයක නිරත උණත්, සුමුදු තලෙළු කම්මුල් පෙඟීයන්න තරමට ගැලූ කඳුළු නවතාගන්නට ඇයට හැකිඋණේ නැහැ...ඇයගේ මුහුණේ එතරම් වේදණාවක් සටහන් වී තිබෙණවා මම මීට පෙර දැකලා තිබ්බේ නැහැ...අක්කාගේ කඳුළු ඒතරම් බරට කවදාවත් වැටිලා නැහැ......

ආයාසයෙන් දෑස් හැර නැගීසිටි අක්කා එතෙක් පපුවට සිරකරගෙන සිටි - අප්පච්චී තේ බොන, අණ්ඩේ පලුද්දක් ඇති පැණිපාට කෝප්පයට සීරුවෙන් තේ වත්කළා.එක හුස්මක් වත් නොහෙලා පාෂාණිභූතවී බලාසිටි මගේ දෑස් වැගිරෙන්න ගත්තේ,මීට වසර කිහිපයකට පෙර මහපොළ සැණකෙළියකින් අක්කාම මට ගෙනත්දුන් මිකීමවුස් රූපඇඳි තේ ජෝගුව ඇය කඳුළු වැකි කම්මුලට තදකරගත් මොහොතේයි.එතැන තවත් රැඳී ඉන්න මට ශක්තියක් තිබ්බේ නහැ.නානකාමරයට දුවන් ගොස් දොරවසාගෙන,ජලකරාමයේ හඬට මුවාවෙලා මම හොදටම ඇඩුවා.....දොරේ වනා තිබූ අක්කාගේ කහපැහැ සුවඳැති සාලුව මිරිකාගෙන මම ඇඩුවා.....

"කෝ මේ තේ හදන්න ගිය අයත් නෑ..බලන්න ගිය අයත් නෑ..විජෙ රජ්ජුරවන්ට උණා වගේද.."ඒ අප්පච්චියි.එතකොටම අක්කා දොරට ගහන්න ගත්තා ඇයට නාන්න ඕනායයි කියමින්.ඇයත් මමත් අහක බලගෙනම එකිනෙකා පසුකරන් ගියා.විවිධාකරයට හදපු තේ සමග බන්දේසිය මේසය උඩ තනිවෙලා.අක්කා එය සාලයට අරන් ගොස් නැහැ.තේ බන්දේසිය අතට ගත්වහාම අර පපුවෙ සිරවීම නැවත දැනුණා.

අක්කාගේ තේ කලාව...

අප්පච්චිට සීනි නොදැමූ කහට තේ..අම්මාට,පුංචිට හා ආච්චම්මාට හකුරුකැට සමග තේ..නුවර බාප්පාට ගැස්ට්‍රික් නිසා සුදුකිරි...පොඩි එකාට ලාවට කහට දැමූ කිරි..ලොකු අක්කට සුපුරුදු පරිදි කෝපි...අයියාට,නැන්දලාට කිරිතේ...ඒ අතරේ මගේ නෙස්ටොමෝල්ට් ජෝගුව..මේ සියල්ල නිහඬව දුම් දමමින් තිබ්බේ අක්කා හඬනු දැක දුක වාවාගන්නට බැරුව වාගෙයි.. අක්කා ගියාට පස්සේ හැමෝගෙම රසගුණ ලෙඩදුක් මතක තියාගෙන මෙහම තේ හදන්නේ කව්ද...?????තමන් කැමති පදමට හොඳ උණු තේකක් බොන්න හමෝම කැමතියි.අක්කා ඒ සතුට හැමෝටම දුන්නා.අක්කා යන්නේ ඒ සතුටත් අරගෙනද...

හුස්ම තදින් ඉහලට අල්ලගෙන බන්දේසිය නෑදෑ පිරිස කිට්ටුවෙන් තියලා මං එතනින් පිට උණා.ආදරණීය අක්කාගේ ආදරණීය කඳුළු මුහුවෙච්ච නෙස්ටොමෝල්ට් උගුරෙන් පහලට ගියේ විශාල දැවීමක් එක්කයි.මගේ කඳුළුත් අක්කගේ කඳුළුවලට මුහු වෙන්න ඇති.ගිනියම් තේ ජෝගුව කම්මුලට තද කරගත්තත් මට රස්නයක් දනුනේ නැහැ.එතකොටයි දැක්කේ මං බලා හිඳියා වගේම අක්කා කෑම කාමරේ ජනේලෙන් මන් දිහා බලන් ඉන්නවා.මම තදින් ඇස්පියාගත්තා..ආපහු බලනකොට අක්කා ගිහින්...Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com14tag:blogger.com,1999:blog-7611912361727431473.post-86392133198703191742009-07-19T23:30:00.001+05:302011-06-27T23:05:24.983+05:30ආදරණීය අක්කාට නොකී කතාව..මගේ ආදරණීය අක්කා ලබන සතියේ විවාහ වෙනවා.මේ ලියන්නේ ඇය වෙනුවෙන්..

ඇය ආදරේ කරන්න පටන් ගත්තෙ මීට මාස කීපයකට කලින්.ඒ ඇය කිසිදා දැන හඳුනගෙන නොසිටි කෙනෙකුටයි.දීර්ඝ දුරකථන සංවාද ගනණාවකට පස්සෙ අක්කා ප්‍රේම වන්තියක් වෙලා හිටියා.අක්කා අයියාව හඳුනා ගනිමින් සිටි ඒ මුල් දිනවල මේ සංවාද රෑ දෙගොඩහරියත් පහුවෙනතුරු නැවතුනේ නැහැ.ඔහු උගත් හොඳ කෙනෙක් නිසා වැඩිහිටියන්ගේ ආශීර්වදය ඉක්මනින්ම ලැබුණා.

පවුලේ බොහෝ දේ සිදු උනේ ඇය අතින්.අනිත් සහෝදරයින්ගේ දුක සැප හොයා බැලිලි,නෑදෑ පොඩිඋන්ගේ උපන්දින, අහල පහල දාන-මාන, මගුල් තුලා, අවමගුල් උත්සව, පාසල් ආදිශිෂ්‍ය සංගම් වැඩ ආදී එකී මෙකී නොකී හැම දෙයක්ම පවුල වෙනුවෙන් නියෝජනය කලේ ඇයයි.ඉතින් ඇයගේ නික්මයාමෙන් පසුව නිවසේ විශාල අවකාශයක් ඇතිවනු නියතයි.එය පුරවන්න වෙන කිසිවෙකුත් සමත් වෙන එකක් නැහැ.

මේ ඇයගේ කුළුඳුල් ප්‍රේමය.අයියා ඇයට අලුත්ම ජංගම දුරකතනයක් තෑගි දීලා.මම ඒකට ලස්සන ringtone 1ක් දාලාදුන්නා(Richerd Marks ගේ Right here waiting for you).ඇය පුන්චි කෙල්ලක් වෙලා අයියාට හුරතල් කතා කියමින් නිවස පුරා ඇවිදින්නේ කිරිල්ලියක් වගේ.දැං ඉතින් මූණ සෝදන්න ගියත්,උයන්න ගියත්.නාන්න ගියත්,නිදාගන්න ගියත් ජංගමයා ඇය සමග.එය හැඬවෙන්නෙ කොයි මොහොතෙද ඇය සුළඟක් වගේ එතන.

අක්කා මට වඩා අවුරුදු 6කට වැඩිමල්.මම පටලැවිල්ලක් පටලවා ගත්තෙ අක්කාට කලින් නිසා මට ඇයව පේන්නේ පුංචි බෝනික්කෙක් වාගෙයි.ඇයට කියාදෙන්ට නොව කියන්නට දේ බොහොමයි.ඒත් ගෙදර පරිසරය මේදිනවල බොහොම කලබල නිසාත් මගේ ප්‍රේම පුරාණය අවසානයක් වෙනකනුත්ගෙදර කවුරුත් දැනගත්තේ නැති නිසාත් මේවගේ වෙලාවක ඔය පලහිලව් දිගහරින එක නුවණට හුරු නැහැ.

.එනමුත් මට ඇය එක්ක නිදහසේ කතාකරන්න තිබානම් හොඳයි.නමුත් මේදිනවල ඇයව අල්ලගන්න එක හුගක් අමාරු වැඩක්.රූපලාවන්‍යාගාරය,ඇඳුම් මසන තැන,මල්සකසන තැන ආදී ස්ථාන ඇය එනකන් බලා ඉන්න නිසා ඇයට කන්න බොන්න වත් වෙලාවක් නැහැ.කොතරම් මහන්සි වෙලා ආවත් ඇය නින්දට යන්නේ ජංගමයා එක්ක හිනාවෙමින්..ඇය පාවෙමින් දෝරේගලන ආදරයකින් තනියම හිනා වෙනවා... ඒත් මේ සියල්ල වෙනස්වන සුළුයි.ඇයට එය වටහාගන්න තව කල් යනු ඇති.එය තවකෙනෙක්ට ව්ටහාදෙන්නට පුළුවන් දෙයක් නෙමෙයි.තමන්ම වටහාගතයුතු දෙයක් .කාලය සමග හුගක් දේවල් වල වර්ණය ,තාලය වෙනස් වෙනවා.

"..ආදරණීය අක්කේ..,අක්කාගැන මට හුගාක් සතුටුයි.අක්කා සතුටින් නිසා කියන්න බැරි තරම් සතුටුයි.ඒත් අක්කේ..සුන්දර ආදරය පිටුපස නොපෙනෙන දෑ බොහෝයි.විවාහයට එලඹෙන්න තව ටිකක් කල් ගත්තානම් හොඳයි.පවුලෙන්ම මෙහෙම කියන්නේ මං විතරයි.ඒත් හඩක් නගන්නට මට බලතල නැහැ.දැන් ඒකට කල්වෙලාත් නැහැ.අක්කා බුද්ධිමත් ළමයෙක් නිසා මම හිත කරදර කරගතයුතු නැහැ.ඒත් අක්කේ මන් පසක් කරගත් එකම එක දෙයක් අක්කාට කිවයුතුයි.

ආදරය කරනවාට වඩා එය පවත්වාගැනීම අමාරුයි.."

හැමදේම හොඳින් සිදුවෙන මේ දිනවල ගෙදර හරීම ප්‍රීතිමත්.අලුත් නෑදෑයනුත් යන එන නිසා වැඩ ගොඩයි. අක්කා යන එක ගැන මතක් වෙනනකොට දුක උනත් අක්කාගේ ජීවිතය සම්පූර්ණ වෙන නිසා මට හරි සතුටුයි..!!!Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com3tag:blogger.com,1999:blog-7611912361727431473.post-78882574679253583212009-07-16T08:42:00.001+05:302009-07-16T17:06:02.512+05:30සිත් අහසේ උස..සිතක සිතිවිලි වලට ඉමක් නැහැ,නිමක් නැහැ.එක් සිතිවිල්ලක් ක්ෂණයෙන් ඇතිවී නැතිවී යනකොට සමහරක් සදාකාලයේම මතකය අත්නොහැර ඉන්නවා.තවත් සමහරක් අපි නොසිතන මොහොතක මතකයට විත් නැවත අමතක වී යනවා..

පැනනගින දහසක් සිතිවිලි අතර කියාගන්නත බැරි වුණු,අමතක කරන්නත අකමඇති,බෙදා ගන්නට තරම් රසවත් යැයි සිතෙන සිතිවිලි බොහොමයි.

ඉතින් අද සිට විවිධ වර්ණයේ විවිධ හැඩතල වල,සුන්දර, කටුක,සැහැල්ලු මෙන්ම බරසාර සිතිවිලි මේ අහසේ පාවේවි.

එන්න..මේ අහස කියවන්න.....Nayahttp://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.com1