වැස්ස සිංහල උළු වහලට වදදෙයි.පුපුරා හැලෙන අකුණක් සිතිවිලි ගාල හොල්ලා දමයි.සසලව සිටින මම තව තවත් සසලව යමි.අකුරු විසිරී ගියේය.වචන කලවම් විය.ලියමින් සිටි දෙය නොව වෙනයමක් ලියැවෙන්නට යන බව මටම හැඟේ...කරන්නට දෙයක් නැත.කලවම් වූ අකුරු වලින් හෝ ලිවිය යුතුය.
හදවතේ අඳුරු අහු මුළුවල කටිගැසී ඇති දුක, තීන්තෙන් දියකර හරින්නට වැයම් කරමි.නමුදු දුක පාෂාණිභූත ව ඇති සෙයකි..එය දිනෙන් දින, මොහොතෙන් මොහොත තව තවත් ඝණ වෙමින් පවතියි.එය මාතුලම ගිලාබසී.මමද ඒ සමග ගිලෙමින් සිටිමි..
මට ආලෝක බිඳක් අවැසිය..නමුත් හාත්පස අන්දකාරය මට සමච්ච්ල් කරයි.මම නැගිටින්නට වීරිය කරමි.ජීවිතය මා පෙලයි.පෙරලා ජීවිතය පාගා දමන්නට හැකිද?නිදුකාණන් වදාල චතුරාර්ය සත්ය සිහියට නැගේ.ජීවිතය දුකකි..උත්පත්තිය දුකකි..නමුත් මා දැන් ඉපදී අහවරය.එනිසා කෙසේ හෝ ජීවත් විය යුතුව ඇත..
මම කවුළුව හරිමි..නිල්පැහැ මේසරෙද්ද මත තද නිල් තිත් මතුවෙයි.ක්ෂණයෙන් විශාල වන තෙත් පැල්ලම් බලාඉන්දෙද්දීම එකිනෙක යාවෙයි..හිල් වූ අහසෙන් මිදුන වැහි බිංදු ඉඳිකටු මෙන් සම පසාරු කරගෙන යයි.වර්ෂාව විඳිමි..ෆුල්ස්කැප් පිට පෙඟී ගොසිනි.අකුරු බොඳවෙලාය.දැසේ බොඳයට අකුරුවල බොඳය කලවම් වෙයි.ජීවිතයම මෙලෙස බොඳවී යාදෝ සිතේ..සීතල කඨෝරය.
මම පටලැවී සිටිමි.ඒ පටලැවිල්ලේම එරී ,මංමුලා වී සිටිමි.අනන්ත සිතිවිලි ගාලක පැටළුම් අතර මට මාවම මහහැරී ඇත.
හුදකලාව බරකි...
ශූන්යත්වය වේදනාවකි....
නමුත්,,,,
ජීවිතය දුකක් යයි කීමට, තවමත් මා දිව නොනැමෙයි.
මම මාව සොයාගත යුතුය..!
Enjoying the Glory of a Star
4 weeks ago