වැස්ස සිංහල උළු වහලට වදදෙයි.පුපුරා හැලෙන අකුණක් සිතිවිලි ගාල හොල්ලා දමයි.සසලව සිටින මම තව තවත් සසලව යමි.අකුරු විසිරී ගියේය.වචන කලවම් විය.ලියමින් සිටි දෙය නොව වෙනයමක් ලියැවෙන්නට යන බව මටම හැඟේ...කරන්නට දෙයක් නැත.කලවම් වූ අකුරු වලින් හෝ ලිවිය යුතුය.
හදවතේ අඳුරු අහු මුළුවල කටිගැසී ඇති දුක, තීන්තෙන් දියකර හරින්නට වැයම් කරමි.නමුදු දුක පාෂාණිභූත ව ඇති සෙයකි..එය දිනෙන් දින, මොහොතෙන් මොහොත තව තවත් ඝණ වෙමින් පවතියි.එය මාතුලම ගිලාබසී.මමද ඒ සමග ගිලෙමින් සිටිමි..
මට ආලෝක බිඳක් අවැසිය..නමුත් හාත්පස අන්දකාරය මට සමච්ච්ල් කරයි.මම නැගිටින්නට වීරිය කරමි.ජීවිතය මා පෙලයි.පෙරලා ජීවිතය පාගා දමන්නට හැකිද?නිදුකාණන් වදාල චතුරාර්ය සත්‍ය සිහියට නැගේ.ජීවිතය දුකකි..උත්පත්තිය දුකකි..නමුත් මා දැන් ඉපදී අහවරය.එනිසා කෙසේ හෝ ජීවත් විය යුතුව ඇත..
මම කවුළුව හරිමි..නිල්පැහැ මේසරෙද්ද මත තද නිල් තිත් මතුවෙයි.ක්ෂණයෙන් විශාල වන තෙත් පැල්ලම් බලාඉන්දෙද්දීම එකිනෙක යාවෙයි..හිල් වූ අහසෙන් මිදුන වැහි බිංදු ඉඳිකටු මෙන් සම පසාරු කරගෙන යයි.වර්ෂාව විඳිමි..ෆුල්ස්කැප් පිට පෙඟී ගොසිනි.අකුරු බොඳවෙලාය.දැසේ බොඳයට අකුරුවල බොඳය කලවම් වෙයි.ජීවිතයම මෙලෙස බොඳවී යාදෝ සිතේ..සීතල කඨෝරය.
මම පටලැවී සිටිමි.ඒ පටලැවිල්ලේම එරී ,මංමුලා වී සිටිමි.අනන්ත සිතිවිලි ගාලක පැටළුම් අතර මට මාවම මහහැරී ඇත.
හුදකලාව බරකි...
ශූන්‍යත්වය වේදනාවකි....
නමුත්,,,,
ජීවිතය දුකක් යයි කීමට, තවමත් මා දිව නොනැමෙයි.
මම මාව සොයාගත යුතුය..!
අපහැදිලි ශූන්‍යයක පාවීම
බලාපොරොත්තු රහිත වීමේ
අපහැදිලි ශූන්‍යයක
පාවෙමි...
පැතුම් ඉටු නොවීමෙන්
රිදුන අඳුරක
කල්මරමි...
මං මුලාවී පැටලැවී
රුදුරු හුදකලාවක
තනිවෙමි...
මා සොයන නුඹ එනතුරු
තුන්කල් සිහිනයක
සැතපෙමි.......................!
අපහැදිලි ශූන්‍යයක
පාවෙමි...
පැතුම් ඉටු නොවීමෙන්
රිදුන අඳුරක
කල්මරමි...
මං මුලාවී පැටලැවී
රුදුරු හුදකලාවක
තනිවෙමි...
මා සොයන නුඹ එනතුරු
තුන්කල් සිහිනයක
සැතපෙමි.......................!
කළු සුදු සිහින
වර්ණ නැත.
එනිසා
සිහින නැත.
නමුත්
කළුසුදු පැතුමක් තවමත්
පන අදී..
වචන නැත.
එනිසා
කවි නැත.
නමුත්
වචනයට ගොනුකල නොහැකි තනුවක්
ලතවෙයි..
කඳුළු නැත.
එනිසා
හැඬුම් නැත.
නමුත්
කඳුලක දිය නොවන දුකක්
රිදුම් දෙයි..
ඈ නැත.
................................
එපමණයි.
ඉන් එහා කිසිවක් නැත.
එනිසා
සිහින නැත.
නමුත්
කළුසුදු පැතුමක් තවමත්
පන අදී..
වචන නැත.
එනිසා
කවි නැත.
නමුත්
වචනයට ගොනුකල නොහැකි තනුවක්
ලතවෙයි..
කඳුළු නැත.
එනිසා
හැඬුම් නැත.
නමුත්
කඳුලක දිය නොවන දුකක්
රිදුම් දෙයි..
ඈ නැත.
................................
එපමණයි.
ඉන් එහා කිසිවක් නැත.
පොඩි ඉස්කෝලෙහාමිනේගෙ නාසය
දශකයකට පසු
මුණගැසුණු ණෑයෙක්
පිරික්සයි මා මූණත්තහඩුව
සීරුවෙන්..
වසා ඇස් දෙක
කපා කන් දෙක
මතුකර ගනී
මූණ මැද නාසය..
"මේ නං පොඩි ඉස්කෝලෙහාමිනේගෙ දරුවෙක්.."
හෙලි කරයි ජාතක සුලමුල
මොටද ඩීඑන්ඒ පරීක්සන
කිමිදී කැඩපතක
සොයමි මං මාවම
මා නුදුටු මාවම ,
සොයමි ඒ නාසය
නෑයාට හම්බුවුණු
අම්මගේ නාසය
පොඩි ඉස්කෝලෙහාමිනේගෙ නාසය ...!!!!!
මුණගැසුණු ණෑයෙක්
පිරික්සයි මා මූණත්තහඩුව
සීරුවෙන්..
වසා ඇස් දෙක
කපා කන් දෙක
මතුකර ගනී
මූණ මැද නාසය..
"මේ නං පොඩි ඉස්කෝලෙහාමිනේගෙ දරුවෙක්.."
හෙලි කරයි ජාතක සුලමුල
මොටද ඩීඑන්ඒ පරීක්සන
කිමිදී කැඩපතක
සොයමි මං මාවම
මා නුදුටු මාවම ,
සොයමි ඒ නාසය
නෑයාට හම්බුවුණු
අම්මගේ නාසය
පොඩි ඉස්කෝලෙහාමිනේගෙ නාසය ...!!!!!
Subscribe to:
Posts (Atom)
අහස බලන අය
ආ-ගිය වග-තුග
ඉතිහාසය
වර්ගීකරණය
- කවි (12)
- ජීවිතෙන් බිඳක් (8)
- පොත් (1)
- සිංහල (2)

