පාන්දර කළුවරේ මං යනකොට
හඳ එනවා මගේ තනියට
පහන් තරු එළියත් පත්තුකරගෙන
බස් එක ගාවටම ...
නිදා වැටෙනකොට මග දිගට
කවුළුවෙන් එබෙනවා
ඇහැ නොපියවා මොහොතකට
තනි නොතනියට මුළු දුරම..
කොළඹදී ඇහැරෙද්දි
හඳ ගිහින් ..!
තව දවසක් වෙහෙසන්න
ඉර ඇවිත් ...!!!
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
5 months ago
1 අදහස්:
මෙලෝ වැඩක් නැති හඳට අපි හැමෝම ආදරේ කරද්දි ගින්දර කාගෙන දවස පුරා අපිව එළිය කරන ඉරට අපි ආදරේ නැත්තේ ඇයි?
ස්තුතියි කවියට.
Post a Comment