පොත් කියන්නේ ජීවිතේ.ජංජාලේ නැතිකාලේ මං ලෝකෙ ගැන දැනගත්තේ පොත් වලින් .ටෙලිවිශන් පෙට්ටියෙන් පෙන්නන රූප වලට වඩා පොතක් කියවලා හිතේ ඇඳෙන රූප වලට මං ආදරෙයි.අදටත් පොථෝර් පංචාලි චිත්‍රපටිය මං නොබලන්නේ ඒනිසයි.මං මවාගත්ත අපූගේ ලෝකය මට චිත්‍රපටියක්.
මේ පාර ඉස් ඉස්සෙල්ලම නෑගම් ගියේ පොඩිමාමලාගෙ ගෙදර.පොඩි මාමගෙ පොඩි පුත්‍රයාත් මම වාගෙම පොත් ගුල්ලෙක්. ගෙට ගොඩවෙලා කෙලින්ම ගියේ මලයාගේ පොත් ගබඩාවට.ඒක යතුරුදාලා ඉබ්බොත් දාලයි තියෙන්නේ. මං ආවමනං කිසිම පැකිලීමක් නැතුව හායි ගාලා ඇරලා දෙනවා.එයා ගෙදර නොහිටියත් ගබඩාව ඇරගන්න විශේෂ බලපත්‍රයකුත් මට හිමියි.
මලයා පරිවර්තන පිස්සෙක්.ශර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම එයා ලඟ හියනවා.අනුලා ද සිල්වා මහත්මිය පරිවර්තනය කරපු පොත් හැම එකක්ම වගේත් තියනවා.මේ වගේ මල්ලිලා නං ජීවිතේට වාසනාවක්.මම සෑහෙන වෙලාවක් අරන් පොත් තේරුවා.මලයා පොත් කියවනවා වගේම පොත් ගැන සාධාරණ විචාරත් සපයපු නිසා අනර්ඝ පොත් ටිකක් තෝරගෙන එන්න පුළුවන් වුණා .ඒවායේ පසුවදන් මෙහෙමයි.

ක්‍රි.පූ. 140 දී දුටුගැමුණු රජතුමා හා සබැඳි මිලකළ නොහැකි වටිනා කමකින් යුත් වස්තුවක නිර්මාණය ගැන සටහනකින් ඇරඹෙන නවකතාව ඉක්බිති ගෙතෙනුයේ වර්තමානයේ දී එය සොයාගන්නා පුවත වටායි.ඒ හා සබැඳි පෞරාණික ගැටළුව ලිහා ගන්නට තැත් කරන විදෙශීය පුරාවිද්‍යාඥවරියට ත්රස්තවාදීන්ගේද බල ලෝභී දේශපාලකයන්ගේද අතවර වලට මුහුණ දෙන්නට සිදුවෙයි.
දුටුගැමුණු රජ සමය ,වත්මන් ශ්‍රීලංකාව, එහි විච්ත්ර ඉතිහාසය හා පෞරාණික ස්ථාන මෙන්ම වත්මන් දෙශපාලන කුමන්ත්‍රණ ආදියද පසුබිම් කොටගත් මේ අපූරු නවකතාව සිංහලයට නගන්නේ ප්‍රකට පරිවර්තිකවක වන අනුලා ද සිල්වා මහත්මියයි.


එහෙත් මේ වසරේ එය එසේ නොවන බවට ඔහු මන්නාට පොරොන්දු වෙයි....


ඔහුගේ මිතුරු මිතුරියන්ට ඇයත් , ඇගේ ආලයත් අතිඛේදනීය විකාරයක් පමනක් නොව ඔහුගේ මරණය ලං කරන බිහිසුණු උරචක්‍රමාලයක්ද වන්නේය.
පහසුවෙන් සිතින් මකා දැමිය නොහැකි මේ සුන්දර ආදර කතාව මිනිස් සන්තානයේ දරුණු ප්‍රෙහේලිකාවක් එකලස් කර ගැනීමට පාඨකයාට පිහිට විය හැකිය.

මුල් කෘහියෙ ඇති හර පද්ධතිය නොසිඳෙන ආකාරයට උපරිම වශයෙන් ඊට සමීපවිය හැකි සේ පරිවර්තන කාරිය ඉෂ්ට සිද්ධකොට ඇතැයි පැවසිය හැක්කේය.
තවත් සතියක් නිවාඩු නිසා නිදහසේ මේ සියල්ල කියවන්න පුළුවනි.මේ ටිකේම පැණිරස කෑම කාලා එපාවෙලා නිසා පොත් කන්න පටන්ගන්නයි මගේ ලෑස්තිය.
11 අදහස්:
"ෂෝෂා " කියවූයෙමි. "ආදරය බලාහිදී "කියවිමට ආශා කරමි.
මමත් පොත් වලට ආසයි. ගුරුගීතය, බිම්ගෙයි සිරකරුවා, සැබැ මිනිසෙකුගෙ කතාවක්..පොත් අපෙ ජිවිතවලට වටීනා කමක් එකතු වෙනවා..
ගෙදරට වෙලා පොත් කියවනවා කියන්නේ වෙන මිනිහෙකුගේ අත් දැකිම් තමන් පාරට බැහැල සමජය එක්ක ගැටෙනවා කියන්නේ ඒවා තමන්ගේ අත්දැකිම්.
වඩා වටින්නේ මොකක් ද?
දෙවියනේ එහෙනම් ඔයත් සමනලී වාගේ පොත් පිස්සෙක්...??? සමනලීටත් හොද පොතක් ලැබුනොත් කෑමක් බීමක් වට පිටාවේ සිහියක් හෙම නෑ...... රාජ උරුමය නම් නියම පොත... එක හුස්මට කියෙව්ව හැකි නේද? ආදරය බලා හිදී කියන පොතත් ඒ වගෙයි.... සමනලිත් පරිවර්තන කෘති වලට තමා වඩාත් කැමති.....
ජීවිතයේ සියල්ල අතහල සාධුවරයා විතරක් කියවල තියෙනව මේ ටිකෙන්. පුද්ගලිකව මමත් සෑහෙන්න පොත් කියවල තියෙනව. ඒත් දැන්නම් තෝරා බේරාගෙන කියවන්න සිදුවෙලා. කාලය සීමිත නිසා.
මා වාගේම පොත් වලට ආදරෙන් ඉන්න තවත් පොත් පිස්සෙක් හඳුනා ගන්න ලැබීම ලොකු සතුටක්......
@wath :"ආදරය බලාහිදී "ත් ෂෝෂා වගේම ලස්සනයි...
@රවා:ඔයා සඳහන්කරලා තියන පොත්3ම මගේ ප්රියතමපොත් ලයිස්තුවේ තියන ඒව..
@Anony:මටනම් ඒදෙවිදියෙම අත්දැකීම් වටිනවා.
@punchisamanalee:සංතෝසයි..සංතෝසයි.. පොත් පිස්සෙකුට තවත් ඒවගේ පිස්සෙක් හම්බුණා කියන්නේ හරියට නෑදෑයෙක් හම්බුණා වගේනේ.රාජ උරුමය මේදැන් කියවන ගමන්.නවත්තන්න හිතෙන්නෙ නෑ..
@``` Outsider```:මටත් ඔයාට වගේම තමයි.කාලයත් එක්ක ලොකු සටනක් කරන්න වෙලා.කැම්පස් නිවාඩු නිසා මේදවස් 2-3 වැඩවලින් නිදහස්.
@kumaraya: ආ..මෙන්න තවත් සාමාජිකයෙක්...!! :) :)
මමත් පොත් වලට හුඟක් කැමතියි, නමුත් මේ කාලෙ නම් පොත් එක්ක ඉන්න කාලෙ හුඟක්ම අඩු වෙලා.
මම හුඟක්ම කැමති කතුවරයෙක් තමයි චිංගීස් අයිත්මාතොව්. එයාගෙ පොත් මම එකහු කරනව, තව එහෙම ගොඩක් කැමති පොත් තියෙනව, විශේෂයෙන්ම රුසියානු සාහිත්‍යයේ. විද්‍යා ප්‍රබන්ධ, රහස් පරීක්ෂක කතා, බුදු දහම ගැන ලියවුනු පොත් තවත් මම කැමතිම ක්ෂේත්‍ර. මගෙත් තියෙනව පොඩි පුද්ගලික පුස්තකාලයක්.
හොද පොත් ටිකක්... ඕනෑම(සිංහල)කියවන්නකු මේවා කියවිය යුතුමයි... වියන්ගොඩගේ පරිවර්තන අතිශය වැදගත්. මොකද ඔහු අවශ්‍ය තැනදි අවශ්‍ය ධ්වනිථාර්ථය මතු කරන්නට කදිම හපනෙක්... තව තවත් පොත් හදුන්වා දෙන්න.
රාජ උරුමය. මම කැමතිම පොතක් :)
Post a Comment