මගේ ආදරණීය අක්කා ලබන සතියේ විවාහ වෙනවා.මේ ලියන්නේ ඇය වෙනුවෙන්..
ඇය ආදරේ කරන්න පටන් ගත්තෙ මීට මාස කීපයකට කලින්.ඒ ඇය කිසිදා දැන හඳුනගෙන නොසිටි කෙනෙකුටයි.දීර්ඝ දුරකථන සංවාද ගනණාවකට පස්සෙ අක්කා ප්‍රේම වන්තියක් වෙලා හිටියා.අක්කා අයියාව හඳුනා ගනිමින් සිටි ඒ මුල් දිනවල මේ සංවාද රෑ දෙගොඩහරියත් පහුවෙනතුරු නැවතුනේ නැහැ.ඔහු උගත් හොඳ කෙනෙක් නිසා වැඩිහිටියන්ගේ ආශීර්වදය ඉක්මනින්ම ලැබුණා.
පවුලේ බොහෝ දේ සිදු උනේ ඇය අතින්.අනිත් සහෝදරයින්ගේ දුක සැප හොයා බැලිලි,නෑදෑ පොඩිඋන්ගේ උපන්දින, අහල පහල දාන-මාන, මගුල් තුලා, අවමගුල් උත්සව, පාසල් ආදිශිෂ්‍ය සංගම් වැඩ ආදී එකී මෙකී නොකී හැම දෙයක්ම පවුල වෙනුවෙන් නියෝජනය කලේ ඇයයි.ඉතින් ඇයගේ නික්මයාමෙන් පසුව නිවසේ විශාල අවකාශයක් ඇතිවනු නියතයි.එය පුරවන්න වෙන කිසිවෙකුත් සමත් වෙන එකක් නැහැ.
මේ ඇයගේ කුළුඳුල් ප්‍රේමය.අයියා ඇයට අලුත්ම ජංගම දුරකතනයක් තෑගි දීලා.මම ඒකට ලස්සන ringtone 1ක් දාලාදුන්නා(Richerd Marks ගේ Right here waiting for you).ඇය පුන්චි කෙල්ලක් වෙලා අයියාට හුරතල් කතා කියමින් නිවස පුරා ඇවිදින්නේ කිරිල්ලියක් වගේ.දැං ඉතින් මූණ සෝදන්න ගියත්,උයන්න ගියත්.නාන්න ගියත්,නිදාගන්න ගියත් ජංගමයා ඇය සමග.එය හැඬවෙන්නෙ කොයි මොහොතෙද ඇය සුළඟක් වගේ එතන.
අක්කා මට වඩා අවුරුදු 6කට වැඩිමල්.මම පටලැවිල්ලක් පටලවා ගත්තෙ අක්කාට කලින් නිසා මට ඇයව පේන්නේ පුංචි බෝනික්කෙක් වාගෙයි.ඇයට කියාදෙන්ට නොව කියන්නට දේ බොහොමයි.ඒත් ගෙදර පරිසරය මේදිනවල බොහොම කලබල නිසාත් මගේ ප්‍රේම පුරාණය අවසානයක් වෙනකනුත්ගෙදර කවුරුත් දැනගත්තේ නැති නිසාත් මේවගේ වෙලාවක ඔය පලහිලව් දිගහරින එක නුවණට හුරු නැහැ.
.එනමුත් මට ඇය එක්ක නිදහසේ කතාකරන්න තිබානම් හොඳයි.නමුත් මේදිනවල ඇයව අල්ලගන්න එක හුගක් අමාරු වැඩක්.රූපලාවන්‍යාගාරය,ඇඳුම් මසන තැන,මල්සකසන තැන ආදී ස්ථාන ඇය එනකන් බලා ඉන්න නිසා ඇයට කන්න බොන්න වත් වෙලාවක් නැහැ.කොතරම් මහන්සි වෙලා ආවත් ඇය නින්දට යන්නේ ජංගමයා එක්ක හිනාවෙමින්..ඇය පාවෙමින් දෝරේගලන ආදරයකින් තනියම හිනා වෙනවා... ඒත් මේ සියල්ල වෙනස්වන සුළුයි.ඇයට එය වටහාගන්න තව කල් යනු ඇති.එය තවකෙනෙක්ට ව්ටහාදෙන්නට පුළුවන් දෙයක් නෙමෙයි.තමන්ම වටහාගතයුතු දෙයක් .කාලය සමග හුගක් දේවල් වල වර්ණය ,තාලය වෙනස් වෙනවා.
"..ආදරණීය අක්කේ..,අක්කාගැන මට හුගාක් සතුටුයි.අක්කා සතුටින් නිසා කියන්න බැරි තරම් සතුටුයි.ඒත් අක්කේ..සුන්දර ආදරය පිටුපස නොපෙනෙන දෑ බොහෝයි.විවාහයට එලඹෙන්න තව ටිකක් කල් ගත්තානම් හොඳයි.පවුලෙන්ම මෙහෙම කියන්නේ මං විතරයි.ඒත් හඩක් නගන්නට මට බලතල නැහැ.දැන් ඒකට කල්වෙලාත් නැහැ.අක්කා බුද්ධිමත් ළමයෙක් නිසා මම හිත කරදර කරගතයුතු නැහැ.ඒත් අක්කේ මන් පසක් කරගත් එකම එක දෙයක් අක්කාට කිවයුතුයි.
ආදරය කරනවාට වඩා එය පවත්වාගැනීම අමාරුයි.."
හැමදේම හොඳින් සිදුවෙන මේ දිනවල ගෙදර හරීම ප්‍රීතිමත්.අලුත් නෑදෑයනුත් යන එන නිසා වැඩ ගොඩයි. අක්කා යන එක ගැන මතක් වෙනනකොට දුක උනත් අක්කාගේ ජීවිතය සම්පූර්ණ වෙන නිසා මට හරි සතුටුයි..!!!
Subscribe to:
Post Comments (Atom)
අහස බලන අය
ආ-ගිය වග-තුග
ඉතිහාසය
වර්ගීකරණය
- කවි (12)
- ජීවිතෙන් බිඳක් (8)
- පොත් (1)
- සිංහල (2)
ලිපි ගෙන්වාගන්නට
නිතර කියවන සටහන්..
-
-
කැනඩා3 weeks ago
-
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය8 months ago
-
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)10 months ago
-
-
දොස්තර, Datsun හා නයිට් රයිඩර්.6 years ago
-
මෙහෙයවන සෙනෙහස...6 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
පුතා..!6 years ago
-
ලියුමක්7 years ago
-
වඳුරන්ගේ රට.7 years ago
-
肌荒れしやすいならカミソリ処理は辞めるべき9 years ago
-
Hotels In Niagara Falls Ny Images10 years ago
-
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]10 years ago
-
මාගම් සෝලිය12 years ago
-
කැත කූඹී...12 years ago
-
මිරැන්ඩා13 years ago
-
Write to express, not to impress13 years ago
-
-
Cowboys & Aliens (2011)13 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!14 years ago
-
-
ජාඩියට මූඩිය – ජාඩි14 years ago
-
-
-
-
-
-
-
-
3 අදහස්:
දහස් වලට බොහොම ස්තූතියි.ඔව්...හැමදේම හොඳින් වෙන්න කියලා මුළුහිතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!(comments පිලිබඳ වරද නිවරද කළා)
අක්කටත් මේක බලන්න තිබ්බා නම් තමා හොඳ...
කියන්න ඕන ටික හරියටම කියල තියනව. මීට වඩා ඇත්තක් තව නෑ. ඒත් මට තව දෙයක් හිතෙනව විවාහ වෙන්න කලින් ආදරේ කරන කාල පරාසය වැඩි වෙන්න වෙන්න ආදරේ වටිනාකම අඩු වෙනවද කියල... ඔයාගෙ අක්ක ඒ අතින් වාසනාවන්තයි...
Post a Comment