අපහැදිලි ශූන්‍යයක පාවීම

බලාපොරොත්තු රහිත වීමේ
අපහැදිලි ශූන්‍යයක
පාවෙමි...

පැතුම් ඉටු නොවීමෙන්
රිදුන අඳුරක
කල්මරමි...

මං මුලාවී පැටලැවී
රුදුරු හුදකලාවක
තනිවෙමි...

මා සොයන නුඹ එනතුරු
තුන්කල් සිහිනයක
සැතපෙමි.......................!

4 අදහස්:

Amila Chathuranga said...

ලස්ස්නයි ගැඹුරුයි

දුකා said...

බලාපොරොත්තු . . .. !
මියයන ජීවිතය
ජීවත් කරවන
අපූරුව . . !!

මැණික්(සුළඟ) said...

ලස්සනයි පදපෙල. සුන්දරයි අදහස.
මැණික්(සුළඟ)

``` Outsider``` said...

බලාපොරොත්තු රහිතවීමේ අපැහැදිලි ශූන්‍යයක පාවෙමි.

ඒකත් මරු.

Post a Comment

Related Posts with Thumbnails