වැස්ස සිංහල උළු වහලට වදදෙයි.පුපුරා හැලෙන අකුණක් සිතිවිලි ගාල හොල්ලා දමයි.සසලව සිටින මම තව තවත් සසලව යමි.අකුරු විසිරී ගියේය.වචන කලවම් විය.ලියමින් සිටි දෙය නොව වෙනයමක් ලියැවෙන්නට යන බව මටම හැඟේ...කරන්නට දෙයක් නැත.කලවම් වූ අකුරු වලින් හෝ ලිවිය යුතුය.
හදවතේ අඳුරු අහු මුළුවල කටිගැසී ඇති දුක, තීන්තෙන් දියකර හරින්නට වැයම් කරමි.නමුදු දුක පාෂාණිභූත ව ඇති සෙයකි..එය දිනෙන් දින, මොහොතෙන් මොහොත තව තවත් ඝණ වෙමින් පවතියි.එය මාතුලම ගිලාබසී.මමද ඒ සමග ගිලෙමින් සිටිමි..
මට ආලෝක බිඳක් අවැසිය..නමුත් හාත්පස අන්දකාරය මට සමච්ච්ල් කරයි.මම නැගිටින්නට වීරිය කරමි.ජීවිතය මා පෙලයි.පෙරලා ජීවිතය පාගා දමන්නට හැකිද?නිදුකාණන් වදාල චතුරාර්ය සත්‍ය සිහියට නැගේ.ජීවිතය දුකකි..උත්පත්තිය දුකකි..නමුත් මා දැන් ඉපදී අහවරය.එනිසා කෙසේ හෝ ජීවත් විය යුතුව ඇත..
මම කවුළුව හරිමි..නිල්පැහැ මේසරෙද්ද මත තද නිල් තිත් මතුවෙයි.ක්ෂණයෙන් විශාල වන තෙත් පැල්ලම් බලාඉන්දෙද්දීම එකිනෙක යාවෙයි..හිල් වූ අහසෙන් මිදුන වැහි බිංදු ඉඳිකටු මෙන් සම පසාරු කරගෙන යයි.වර්ෂාව විඳිමි..ෆුල්ස්කැප් පිට පෙඟී ගොසිනි.අකුරු බොඳවෙලාය.දැසේ බොඳයට අකුරුවල බොඳය කලවම් වෙයි.ජීවිතයම මෙලෙස බොඳවී යාදෝ සිතේ..සීතල කඨෝරය.
මම පටලැවී සිටිමි.ඒ පටලැවිල්ලේම එරී ,මංමුලා වී සිටිමි.අනන්ත සිතිවිලි ගාලක පැටළුම් අතර මට මාවම මහහැරී ඇත.
හුදකලාව බරකි...
ශූන්‍යත්වය වේදනාවකි....
නමුත්,,,,
ජීවිතය දුකක් යයි කීමට, තවමත් මා දිව නොනැමෙයි.
මම මාව සොයාගත යුතුය..!
Subscribe to:
Post Comments (Atom)
අහස බලන අය
ආ-ගිය වග-තුග
ඉතිහාසය
වර්ගීකරණය
- කවි (12)
- ජීවිතෙන් බිඳක් (8)
- පොත් (1)
- සිංහල (2)
ලිපි ගෙන්වාගන්නට
නිතර කියවන සටහන්..
-
-
කැනඩා1 month ago
-
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය8 months ago
-
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)10 months ago
-
-
දොස්තර, Datsun හා නයිට් රයිඩර්.6 years ago
-
මෙහෙයවන සෙනෙහස...6 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
පුතා..!7 years ago
-
ලියුමක්7 years ago
-
වඳුරන්ගේ රට.7 years ago
-
肌荒れしやすいならカミソリ処理は辞めるべき9 years ago
-
Hotels In Niagara Falls Ny Images10 years ago
-
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]10 years ago
-
මාගම් සෝලිය12 years ago
-
කැත කූඹී...12 years ago
-
මිරැන්ඩා13 years ago
-
Write to express, not to impress13 years ago
-
-
Cowboys & Aliens (2011)13 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!14 years ago
-
-
ජාඩියට මූඩිය – ජාඩි14 years ago
-
-
-
-
-
-
-
-


8 අදහස්:
හැම වැස්සක්ම වගේම ඕකත් තුරල් කරලා යාවි. මේහෙත් හරි වැස්ස (ඔය අවපාතෙද මොකද්ද එකක් ලුනෙ)
ඔය කිව්වට මාත් තාම මාව හොයනවා. ම්හු... තාම නං හම්බවුනේ නෑ. ඒත් අත අරින්න නාකයි, ඉන්න ඕනේ "කෝටුවෙ ගිය ඉබ්බා" වගේ අයින හපාගෙන,
ජීවිතය කියන්නේ ඔය වගේ අත්දැකීම් සිතුවිලි විලින් පිරුණු දෙයක් තමන්ට ඒ ගැන හිතෙන එකත් එහෙම හිතන්න වේලාවක් තියෙන එකත් හුගක් වටිනවා ඒ ඔස්සේ යමින් අපිට ටිකක් හරි ජීවිතය තේරුම් ගන්න පුලුවන් වෙයි
හ්ම්.....අලුතෙන් ආවේ....ලස්සනට ලියනව නෙව..දිගටම එනවා ඕන්........
ආයෙම දවසක එන්න හිතෙනවා..තව තව ලස්සන දේවල් ලියන්නකො..
හ්මිමිමි...
hariyata hari, mama mawa hoya gaththu data kawru nammawa nawathwannada.....
එල....මමත් හුග කාලෙකින් ආවෙ...බොහොම හොදා...දිටම ලියමු..
ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
පැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්
Post a Comment