මතක වැල් ....

පරණ ලාච්චුවක් කියන්නේ මතක ගොඩක්. අවුරුද්දට ගෙවල් දොරවල් අස් කරද්දී ,අයින්කරල දාල තිබ්බ මේසෙක ලාච්චුවකින් මට නිධානයක් හම්බුණා.
ආදරණීය මතක පොදියක්.....
උසස්පෙළ සමයට අදාල,පරණ නොවිච්ච මතක තොගයක්....
අතේ සතේ දීලා අරගතිපු කැම්පස් වලින් ගහපු බූක්මාර්ක්ස්(දැන් නං සල්ලිත් එක්ක දුන්නත් ගන්නේ නැහැ නේ.), ඒවයෙ පිටිපස්සෙ අපිම ලියාගතිපු කවි, වෙසක් කාර්ඩ්ස්, උපන්දින සුභ පැතුම්,විද්‍යුත් තැපෑල ජනප්‍රිය නැති ඒ කාලේ පිටරට හිටි යාළුවෙක් එවපු ලියුම්..වගේ සෙන්ටිමෙන්ටල් දේවල් ගොඩයි.

ඒවත් එක්ක තිබුණ ඔරිගමි ක්‍රමයට නවපු පුංචි සුදු හංසයා මට මතක වැලක් පෙන්නුවා.ඕක ලැබුණ දවස අපේ පන්සලේ කථින පිංකම.සමහර පුංචි දේවල් එක්ක ඊට සම්බන්ධ /කොහෙත්ම සම්බන්ධ නැති දේවල් පවා මතකෙට එන හැටි පුදුමයි.

කොහොමහරි ඔන්න මං හිටියේ ෆිසික්ස් පන්තියේ බංකු තීරුවක බොහොම අපහසුවෙන්.පිටිපස්සේ ඉඳන් අතින් අත මාරුවෙලා හංසයා මන් ලඟට අවා.මොන හේතුවක් නිසාද මන්දා (මතක නෑ )මට ඒක ඉස්සරහට පාස් කරන්න ලබුණේ නැහැ.ආපහු මතක් වුණේ පස්සේ දවසක ගණන් හදන්න කියලා ටියුට් මිටිය දිග ඇරගත්තු වෙලාවකයි. ෆිසික්ස් ගණන් වලට වඩා වෙන ඕනම දෙයක් හොඳයි කියලා හිතුණු කාලයක් නේ ඒක..:)මමත් ඔරිගමියක් නවන්න හිතාගෙන හංසයාව දිගඇරියා.

ඒකෙ ඇතුලේ කවියක්..!

"I'm too shy to ask.. I'm too proud to lose
but sooner or later I go to choose
But once gain I'm thinking about
taking the easy way out..

But if I let you go..I will never know....! "

හංසයන්ගේ පාදවල ගැට ගහලා සංදේශත් යැවුණු එකේ...නවීන තාලෙට සුදු කොලයක සංදේශය ලියලා ..ඒකෙන් හන්සයෙක්ව නවලා යවන එක් හරිම සුන්ද‍ර නිර්මානත්මක වැඩක්..

පස්සේ සතියේ යාළුවන්ගෙන් විපරම් කරල බැළුවට කවියේ අයිතිකාරයාවත් , එවුවේ කාටද කියලාවත් හොයා ගන්න බැරි වුණා .ඔන්න ඔහොමයි හංසයාට අන්තිමට මගේ ලාච්චුවේ පදිංචි වෙන්න සිද්ද වුණේ.

ඊට අවුරුදු ගාණකට පස්සේ වුණත් ආපහු ඒ අකුරු වැල් කියවද්දි දැනුණෙ හරිම ආදරණීය හැඟීමක්. හරියට කවුරුහරි මට ලියපු එකක් කියෙවුවා වගෙයි.මේක නියමිත කෙනා අතට ගියානම්..ඇය මේක කියෙවුවානම්...
ඒතනින් එයාගේ ජීවිතෙ මොනයම් හරි වෙනසක් වෙන්න තිබ්බේ නැද්ද..

පුංචි සුළු සුළු දේවල් සමහර වෙලාවට මුළු ජීවිත කථාවක්ම වෙනස් කරනවා. ..!

සමහර විට ඇය ඔහුගේ ආදරේ ගැන කවදාවත් දැනගන්න නැතුව ඇති.. එතකොට ඔහු.. ඇගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිකමෙන් දුක් වෙන්න ඇති... එහෙමත් නැත්නම් හංසයා නිසි කෙනා ලඟට පියෑඹුවෙ නැති හැටි දැකලා ඌ ආයෙමත් ඔරිගමියක් නවලා යැවුව වෙන්නත් බැරි නෑනේ.

අපි හැමෝම මතක වලට ලොබයි.සමහර වෙලාවට අපි යම් පුද්ගලයන්ටත් වඩා, ඒගොල්ලන් ගැන අපි ලඟ තියන මතක වලට ආදරෙයි.ඒනිසා වෙන්න ඇති කොච්චර සිත‍්රිදවීම් උණත් අපි ඒගොල්ලන්ට සමාව දෙන්නේ..අසුන්දර දේවල් කොයිතරම් සිද්ධ වුණත් සුන්දර අතීත මතකයන් මතක් කරගෙන හිත හදාගන්න හදන්නේ..

ජීවිතේ සමහර දේවල් මතක තියාගන්න අපිට බල කරනවා. ඒත් මොලේ හරියට පෙරහනක් වගෙයි.හැලිලා හලිලා ගිහින් අන්තිමට ඉතිරි වෙන්නේ සීමිත ප්‍රමාණයක්.

මේ මතක ගබඩාව ඕනම මනුස්සයෙක්ගේ ජීවිතේ වටිනම කොටසක්.වෙලාව්කට අපි ඒක අවුස්සන්න ,පතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න බයයි.ඒ අපි අකමැති දේවලුත් හියෙන්න පුළුවන් නිසා.මතක හිටින නොහිටින දේවල් කොයිවද කියලා 100%ක් තීයරණය කරන්න අපිට බැහැ.ඒත් තව කෙනෙකුගේ මතකයක් විදියට රැඳෙන්නේ කොයි විදියටද කියන එක තීරණය කරන්න බැරිකමක් නැහැනේ.

සුන්ද‍ර මතකයක් හැටියට තවෙකෙකුගේ හිතක, මතකයක සදාකලටම බැරිනම් බොහෝ කලක් හරි රැඳෙන්න පුළුවන් නම් අපි හරි වාසනාවන්තයි .
මොකද දන්නවද ...

මිනිස්සු මතක වලට හරි ආදරෙයි..

අග මුල නැති සිතිවිලි...සිතිවිලි...

ජීවිතේ එක පරිච්ඡේදයක් ඉවරවෙන්න යද්දී ,අලුත් එකක් පටන් ගන්න යද්දී දැනෙන නොසංසුන්කම..හිස්බව.. .පැටලැවිල්ල ඇතුලේ මම හිරවෙලා.එලෙවල් ඉවරවෙලා කැම්පස් තේරෙනකල් ආතක් පාතක් නැතුව බලන් උන්නු කාලෙත් ටිකක් මෙන්න මේ වගේයි. ඒත් වර්තමාන තත්වය ඊට වඩා වෙනස්.හිතේ බර වැඩියි.මවපු හීන , දෙමවුපියන්ගෙ බලපොරොත්තු ඒ බරට එකතු වෙලා.

විශ්ව විද්‍යාලෙ කියන්නේ හරි අපූරු තැනක්.අත්දැකීම් ගොන්නක්.ඒ ජීවිතෙන් මිදෙන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. ඒත් තව නොබෝ කලකින්ම ඒ යථාර්තය මතුවෙනවා. ඊට පස්සේ ජිවිතේ කොයිවගේ වෙයිද ...ඒක නොපැහැදිලියි.

මිනිස්සු වෙනස් වෙනවා වගේම හීනත් වෙනස් වෙනවා.වෙනස් වෙන පුද්ගලයෙක් එක්ක හීනයක් වෙනස් නොවී පවතින්න පුළුවනිද? බැරිද? හීනයක් යථාර්තයට කොච්චර සමීප වෙන්න ඕනද? මේ හැම දේම පුද්ගලිකයි.අපි හිතුවට අපි අනිත් අයට වඩා වෙනස් කියලා ,අන්තිමට අපිත් අනිත් හැමෝම වගෙයි.

මේ හිස් බව හිතේම ස්වභාවයක්.සිතිවිලි වලින් ,දහසක් වැඩ වලින් වැහිල තියෙද්දි කොයින්ද හිස් බවට ඉඩක්.. එසයිමන්ට් ,ප්‍රොජෙට්ස්, විභාග ,නිදිමැරිලි එක්ක කාලයක් පොරබැදලා එකපාරටම දීර්ඝ නිවාඩුවක් ලැබුනහම ඒකට අනුගත වෙන්නත් ටිකක් අමාරුයි වගේයි.ඒත් කොයි තත්වෙට උණත් අන්තිමට අපි පුරුදු වෙනවා.

ලිවිම සහනයක්.ජීවිතේ ගැන ,චිත්ත සංතානය ගැන මේට කලින් නොහිතපු නොදැකපු පැති එතකොට පේන්න ගන්නවා. හරියට හිත ඇතුලේ තිබ්බ ඇහැක් විවෘත වෙලා වගෙයි.ඒ ඇහැට හුඟාක් දේවල් පේන්න ගන්නවා..තේරෙනවා...

අන්න ඒ ඇහැට වගේ මුළු ඇතුලාන්තය තේරුම්ගන්න,දකින්න පුළුවන් කෙනෙක්ව හැබෑ ජීවිතේදි යමෙකුට මුණගැහෙනවානම් ,ඒක වාසනාවෙ උපරිම අවස්ථාවක්.එහෙම වෙන්නේ හරිම කලාතුරකින් .

ඒත් ආදරේ සුලභයි....!

හතළිහේ බත් ..

දොළහ වූ සැනින්
කැන්ටිමට දිවීමි..
පෝලිමේ දිග මැන බැලීමි..
කොනක් නැති නිසාවෙන්
ලාභය අමතක කර
හැටේ බත් කෑමට
කැම්පස් කන්ද බැසීමි...

අකුරු

කවියක් ලියනුවස්
අකුරු සෙවුවෙමි.
කිහිපයක් හැර
සියල්ල
හමු විය .

නොලද අකුරු
තුන හතර නිසා
කවිය
සම්පූර්ණ කිරීමට
නොහැකි විය.

තනියට හඳ

පාන්දර කළුවරේ මං යනකොට
හඳ එනවා මගේ තනියට
පහන් තරු එළියත් පත්තුකරගෙන
බස් එක ගාවටම ...
නිදා වැටෙනකොට මග දිගට
කවුළුවෙන් එබෙනවා
ඇහැ නොපියවා මොහොතකට
තනි නොතනියට මුළු දුරම..

කොළඹදී ඇහැරෙද්දි
හඳ ගිහින් ..!
තව දවසක් වෙහෙසන්න
ඉර ඇවිත් ...!!!

මගේ පොත් සවාරිය සහ පශ්චාත් හන්දිපත් රුදාව

ඔන්න ඉතින් හැම අවුරුද්දකම වගේ විශාල ප්‍රීතියකින් මමත් ගියා පොත් ප්‍රදර්ශනේ බලන්න.හැබැයි තනියම..ටිකක් ගිහින් පුරුදු ඇත්තන්ට නම් මං කියන්නෙ තනියම යන එක තමා හොඳම වැඩේ.අත්වැල් අල්ලන් රංචු පිටින් ගියොත් වෙන්නේ පොත් ගන්නවට වඩා කට්ටිය ඉන්නවද කියල හොය හොය ඉන්න වෙන එකයි.

මං ප්‍රදර්ශනේට අඩුම තරමේ දවස් දෙකක් වත් යනවා.මොකද නෑදෑ යාළු හිත මිත්‍රාදීන් ගේන්න කියල දුන්නු එව්වා හොයන්න දවසක් ගියාම ම ට ඔන එව්ව ගන්න බැරි වෙන නිසා.යන්න ඔන්න මෙන්න තියලා නුවර පුන්චි අම්ම කතාකල්ල මහා ලිස්ට් එකක් කියෙව්වා.එයාට ඉතින් වැඩි පුරම බණ පොත් තමා ඔනා.බෞද්ධ ප්‍රකාශන එකෙන් සතිපට්ඨාන භාවනාවයි,අභිධර්ම පොතයි,හොයාගත්තා.හම් කවරයක් හෙම දාපු පිරුවාන පොත්වහන්සේ ගත්තත් හරි මාව පැත්තකට ඇල උණා.ඉතින් ඉතිරි දුරම ගියේ ඇල වෙලා තමයි..

ඔය අස්සේ දැක්ක අක්කලා නංගිලා නැන්දලා මාමලා මීමැහි පොදිය වගේ වටවෙලා ඉන්න තැනක්.50 % ඩිස්කවුන්ට් පොත් තොගයක්.බවලත් උදවිය ඇඳුම් තොරනවා වගේ මමත් ඉතින් ඔළුව එක තැනකිනුයි අත තව තැනකිනුයි රිංගවලා පොරේට බැස්සා.වැඩිපුර ඉතින් මල් කතා තමා තිබ්බේ.පහු බහින්නේ නැතිව පොර කාලා ගොර්කිගෙ පොතකුයි,හෙමිංවේගේ කෙටිකතා පොතකුයි,තව රුසියනු කතාවක කොටස් දෙකකුයි මතු කරගත්තා.හුස්ම හිර වෙන්න ගියාට පාඩු නෑ.

මං එද්දි අපෙ අක්කගේ පොඩි එකා කාටත් හොරෙන් මට කොලයක් දීලා ගියා.ඒක බලද්දි මට හිනා.පොල්ගෙඩි අකුරින් ශර්ලොක් හෝම්ස් පොත් 12කම නම් ලියලා.අනේ පුතෝ...හැබයි අම්ම පුතා වෙනුවෙන් දීපු ලිස්ට් එකේ නම් එව්වා මුකු තිබ්බෙ නෑ.ඒත් ඉතින් පොඩි එකාගෙ හිත නරක් කරන්න බැරි නිසා මං එයින් 2 කුත් තෝර ගත්ත.

බැල්කනි එකේ ඉතින් වැඩිපුර තියෙන්නේ පොඩි පොඩි කුටිනේ.. ඒත් ආපු එකේ බලලාම යන්න ඕනා කියලා ගියාමය් හිතුනේ ආපු එක කොච්චර හොඳද කියලා.Bargain පොත් කඩ 2ක්..!!!!!! මට ඉතින් ඉහේ මල් පිපුණ ගානයි.
මං ඔය ඉංගිරිසි පොත් එහෙම වැඩිපුර ගන්නේ bargain කඩවලින් තමා.නියම ගානට තියන එව්වා ගන්න ගියොත් ඉතිං මුලු ප්‍රදර්ශනෙන්ම පොත් 3-4කට වඩා ගන්න වෙන්නෙ නැහැනේ..පොත් පෙරේතයින්ට පොත් වලට හොඳ ඉවක් තියනවාලුනේ.ඔය ඉවනිසාද මගේ වෙලාවාද මන්දා මට හම්බුනා නියම පොත් ටිකක්..
Paulo Coelho ගේ The Zahir (රු300 )
Aurthur Golden ගේ Memories of a Geisha (රු400 )
Michel Ondaatje ගේ Anils Ghost (රු300 )
1000යි ඔක්කොටම ගියේ.නියම ගාණට ගත්තානම් 4000 පනිනවා.(ඔන්න
මංවගේ කට්ටිය ඉන්නවානම් බැල්කනියේ කඩ 2 අමතක කරන්න එපා. )Da vinci code තිබ්බ 450 ට.හපොයි දුකේ බෑ.මං කලින් පාරක ගත්තේ 1200ට නේ...

ඊලඟට අමාරු උනේ අප්පච්චිගෙ පොත් ටික හොයා ගන්නයි.

Primary principles of labor law, ඇටිලාගේ නායකත්ව රහස්, Why I am not a christian, විපරම,පනාපුත්‍ර ගේ මතක වස්තුව(මේක නම් නියම පොතක් වගේ.ජැක්සන් ඇන්තනි මහත්මයා ලියලා තියෙන්නේ ).. , .......... , .............අපේ අප්පච්ච් බුක්ෆෙයා මුලින්ම පටන් ගත්තු එකේ ඉන්දන්ම ගියා.ඉස්සර අප්පච්චි පොත් ගේනකන්
මං මග බලා ඉන්නවා.ඒත් දැන් ඒකෙ අනිත් පැත්ත තමා වෙන්නෙ. දැන් එයැයිට සනීප මදි යන්න. බොහොම පිලිවෙලට පොත්වල නම,කතෘ,ප්‍රකාශකයා හෙම ලියලා සල්ලිත් එක්ක පොත් ලිස්ට් එක අතේ තියද්දි මට හරියට දුක හිතුණා ඉස්සර මතක් වෙලා..සෑහෙන අමාරුවෙන් උණත් 1ක් හැර අනිත් සේරොම හොයාගත්තා.

බණ්ඩාර්ණායක හෝල් එකෙන් පිට වෙද්දි 11ට කිට්ටුයි.වාඩිවෙන්නවත් ඉඩක් නැහැ එලියෙ.අන්තිමට සිරිමාවෝ එක ඉස්සරහා උත්සව හෙම තියන කෑල්ලේ පුටුවක් හොයා ගත්ත හති අරින්න.මෙන්න කව්දෝ මට හොඳ short-eats පිගානක් ඇල්ලුවා..අනේ පිංසිද්ද වෙච්චාවේ !!!.එතන මොකද්ද උත්සව සභාවක්..පුටු වල හිටි හැමෝටම සංග්‍රහ ලැබුණා.සුනිල් මාධව මහත්මයා කථාවකුත් පවත්වන්න පටන් ගත්තා.උදේ කෑමත් හරි...

ඔන්න ඔය හරියෙම තියනවා හරි අපූරු පුංචි කුටියක්.තනිකරම කවි පොත්.කවිකාරයින්ගේ එකමුතුවෙන් තමා කරන්නේ.අම්මා දෙපාරක්ම මතක් කරපු එරික් ඉලයප්ආරච්චිගෙ "මගෙ කොළඹට හඳ පායයි" (මෙවර සාහිත්‍ය සම්මාන ලද )පොත බොහොම පහසුවෙන් එතනින් හොයා ගත්තා.තව මංජුල වෙඩිවර්ධන
යන්ගේ "මේ ස්නේහයේ කල්වාරියයි" කියන පොතයි ආරියවංශ රණවීරයන්ගේ "මග දෙපස මල්" චීන කවි එකතුවයිත් ගත්තා.ඇත්තටම ඒවගේ එකම තැනකින් ගන්න ලැබුන එක හරි පහසුවක්.කවිකාරයින්ගේ එකමුතුවට තුති..!!!

අඩුගාණට කඩු පොත් ටිකකුත් ලැබුණා ඒ හරියෙන්ම.අපේ අප්පච්චිගෙන් මට ලකුණු වැඩිපුර වැටෙනවා ඉංගිරිස් පොතුත් ගෙනිච්චාම... :) කලින් පාර වගේම චිකන්සුප් පොත්2ක් හම්බුණා."Chicken soup for writers soul" , "
Chicken soup for the surviving soul "අගේ ඇති පොතක් වගේ.කියවනකන් ඉවසුමක් නෑ.අක්කණ්ඩිනම් මට හිනාවෙනවා හැමදාම..මෙයා අප්පච්චිට කියල චිකන්සුප් ගේන හේතුව අපි දන්නවා කියලා..

ඒ රවුම ගියාම හොඳ ගනන්.ඔන්න මං ආපහු අර උත්සව ශාලවට ඇවිත් වාඩි උණා.(සංග්‍රහ නම් නෑ ඒපාර )තව උත්සවයක් පටන් ගත්තා..ආරාධිත අමුත්තා...ආචාර්ය මර්වින් සිල්වා...!!!උන්නැහැ ඇවිදන් ආවත් හරි පිටිපස්සෙ ආසන වල බාගයක්ම දෙනා නැගිටල ගියා..වස ලැජ්ජාව...කැළණිය හරියෙදි මුන ගැහුනොත් අඩුගානෙ රවල යන්න
හරි මූණු පොඩිය බලාගන්න තව තප්පර කීපයක් ඉඳලා මාත් ආවා.හිම කිරමක් හෙම කාලා සිරිමවෝ හෝල් එකට කිට්ටු වෙනකොටම ආචාර්ය තුමාගේ දේසනාව ඇහෙන්න ගත්තා..මංගල ගැනත් හයියෙන් කියවුණා..අනේ සංසාරේ...කවි පොතක් දොරට වදින උත්සවේදිත්...

සරසවි කුටියේ පිරෙන්නම සෙනග.ඒත් නොගිහින් පුලුවනැයි..ඉතින් කකුල් පාගගෙන රැවුම් ගෙරවුම් අස්සෙ ඇතුලට රිංගා ගත්තා.අල්ලපුගෙදර ඇන්ටිට ගත්ත පබිලිස් මාමාගේ කෑම වට්ටෝරු පොත.අන්කල්ට ඇනා කැරනිනා සිංහල පරිවර්තනය.(එයාට අර තඩි පොතම ඔනාය කිව්වා )අපේ පොඩි එකාට හැරී පොටර් සිංහල පොත..(අනේ ඒකාට තාම ඉංගිරීසිය කියවාගන්න බෑ )අම්මට සිංහල ව්‍යාකරණ පොත්....... , ............ , ....

අනෙ අප්පේ සමහර බවලත් උදවිය පොත් ගන්නේ හරියට එළවළු ගන්නව වගේ නේ...කවරෙ දෙපැත්ත බැලුවා ..ගත්තා..එච්චරටම තමා ගන්න පොත ගැන කලින් දන්නවානම් ඔන්න කමක් නැ..ඒත් දන්නවද කියන එක තමා හිතාගන්න බැරි..කට්ටිය යහමින් පොත් ගන්නවා..ළමයින්ටත් ඉල්ලන පමාවෙන් අරන් දෙනවා..අනේ ඉතින් ඔය ගන්න පමණට ගෙනියන පමණට කියවනවානම් බොහොම අගෙයි..බොහෝ දෙනෙක් අතේ සුනේත්‍රා රජකරුණානයක මහත්මියගෙ පොදු පුරුෂයා තිබ්බා.(මෙවර හොඳම නව කථාව ) .ඇත්තටම නියම පොත.මං ඒක ගියපාර ගත්තනේ.සුනේත්‍රා මහත්මියගෙ අලුත් පොත් නෑකියලයි
මං හිතුවෙ..මෙන්න තියනවා "බුද්ධදාසී" සුදට සුදේ..උඩම රාක්කයක...පොත බොහොම බරයි.ගාණත් ඒවගේමයි.ඒත් මගේ ප්‍රියතම ලේඛ්කාවගෙ පොත නොගෙන කොහොමද...පොත් වලට සල්ලිගෙවන්න සෑහෙන වෙලාවක් ඉන්න උණා පෝලිමේ.ඉතිරි සල්ලි එක්ක කවුන්ටරේ අක්ක තව මොකද්දෝ දුන්නා.."ආකාස කුසුම්" බලන්න නොමිලේ ප්‍රවේශ පත්‍රයක්..!!!නියමයි නේ..දෙවැනිපාරටත් බලන්න ඕන..

තව පැයක් 2ක් ඇවිදලා අතින් කටින් එල්ලගෙන 154 කට ගොඩවෙද්දි 4ත් පහුවෙලා.උදේ ගෙදරින් ආවේ 7 ටනේ.තුම්මුල්ලේ බලා හිටියත් ආසන තියන බස් එකක් හම්බුනේ නෑ.ගල් පැටෙව්වා වගේ මලු උස්සගෙන ඉන්න හැටි දැකලා දුක හිතිලාද කොහෙද කරුණාවන්ත නංගි කෙනෙක් බෑග්1ක් ඉල්ලගත්තා.අනිත් මල්ල කරේ.ඒ බර උස්සගෙන පැය 2ක් බස් එකේ හිටන් ඇවිත් ගෙවල් ගාවින් බහිද්දි නිකන් උරහිසක් නෑ වගේ..හැබැයි හිත නම් ඉස්මුත්තෙටම පිරිලා.

හරස් පාරෙ මගක් එනකොටම පොඩි එකා දුවලා ඇවිත්ත් මල්ලක් ඉල්ල ගත්තා.ඌ හවස් වරුවෙම බලා ඉඳලා මන් එනකන්.අල්ලපු ගෙදර පොත් ටික ගේට්ටුව ගාවදිම දුන්නා..වයසක දෙපලට හරි සතුටුයි.මන් ඇන්ටිට පැච්වර්ක් පොතකුත් ගත්තනේ නිකමට වගේ.. :)) අනේ එයා වැඩිපුරම සතුටු උණෙ ඒකට..

ගෙදරට එද්දි අම්මා, අප්පච්චි ,අක්කා ,මස්සිනා හැමෝම දොරකඩ.මට මහා ආඩම්බරයක් දැනුණා.
මං හම්බුකළ සතයක් වත් නෑ තමා..ඒත් හැමෝම මං පොත් අරන් එනකන් මග බලන් උන්නු හැටි දැක්කම මගෙ හිත ආදරෙන් පිරිලා ගියා..මස්සිනා අයියට මල් එයාට ගෙනා ස්පෝර්ට්ස් සඟරා ටික දුන්නම.ශර්ලොක් හෝම්ස් දැකලා කොල්ලාගේ ඇස් දිලිසුණා..ඌ හිතන්නෙ නැතුව ඇති මං ගෙනෙයි කියලා..(ගෙනාවෙ නැත්නම් පොඩි එකාට කොච්චර දුක හිතෙය්ද.. )
අප්පච්චිටත් හරිම සන්තෝසයි එයාගෙ ගොඩ දැකලා..අනේ ඉස්සර මාත් එහෙමනේ අප්පච්චි පොත් ගෙනාවම..සිලිකවර අයින් කරලා පුත්‍රයා සේරොම පොත් ටික සාලේ මේසේ මැද ගොඩ ගැහුවා..මටම පුදුමයි එච්චර උස්සන් ආවද කියලා..දැන් උරපත්තනම් හොදටම රිදෙනවා..අම්මට කියලා තෙල් වත් ගාව ගන්න ඕන.ඇයි ආයි දවසක් යන්න එපැයි මගෙ ගොඩ ගේන්න...

කොච්චර අමාරුකන් උණත් අලුත් පොත් ව්ල සුවඳින් මුලු හිතම පිරිලා.මං හම්බකල්ලා ගෙනාවා වගේ සතුටුයි..පොත් කියන්නෙ ඉතින් මට නම් ජීවිතේ වගේ තමා...

Related Posts with Thumbnails