සිතුවිලි රුධිරයේ දිය නොවෙයි.....

නිහඬතාවය හඬක් නොනගයි...
සිතිවිලි උපදී
අවකාශය තවදුරටත් අවකාශයක් නොවේ
තිඹිරිගෙය අතහැර අනන්තයට මුහුවෙයි
එකිනෙක ගැටෙයි.. විසිවෙයි ..
බැඳෙයි...විසිරයයි..

යමෙ
ක් මේ සිතිවිලි සොයා යයි
දෙනෙතින් ඇතුල් වී
හදවත පිරික්සයි
මිටින් ගෙන බැලුවත්
සිතිවිලි හමු නොවේ
මහා ධමනිය රුහිරු වගුරයි
එනමුත්
සිතුවිලි රුධිරයේ දිය නොවෙයි..

සිතිවිල්ලක මරණය
එය උපන් ලක්ෂයයි
පනඅදින සිතිවිලි
අවකාෂයේ නොමැරෙයි
උත්පත්ති කේන්ද්‍රරයම
නැවතත් සොයාඑයි
උපත නම් මරණයේ දොරටුවයි..

තෙත් පසින් මොටෙයියන් මතුවෙයි
හිරුරැස් බිඳක් වුව සෑහෙයි
වියලුණු සිතක වුව පැතුමන් ඉපදෙයි
සිතුවිලි අතරින්
සුන්දරම සිතිවිල්ල
බලාපොරොත්තුවයි.........

8 අදහස්:

``` Outsider``` said...

හරිම අගේ ඇති සිතුවිල්ලක් යාඵ.. නියමයි..

මින්දද said...

ඇත්ත තමයි...

"සිතුවිලි අතරින්
සුන්දරම සිතිවිල්ල
බලාපොරොත්තුවයි........."

හෙළයා said...

මේ සිතුවිල්ලත් නියමයි.
සිතුවිලි අතරින් සුන්දරම සිතුවිල්ල " සිහින " තමයි.
නියමයි

රවා said...

නියමයි.. කැඩිලා බිදිලා නැවත හැදෙන , හදාගන්න බලාපොරොත්තු තමයි.. නියමයි..

මතක මංපෙත said...

මේ පොත් වල් විස්තර ටික ලියාගත්ත. ලංකාවට ගියහම මුලින්ම යන්නෙ මරදානට. ඇයි පොත් කඩ සෙට් එකක්ම තියෙනවනෙ.

Anonymous said...

mama lankikayek unath lankavat gihin no
mama denenne koreave kiyanna lankava lassanda kiyala?

Anonymous said...

mabotuvana@yahoo.com

my name is gayan madushanka

I LOVE SRI LANKA

GAYAN said...

GOOD GOOD GOOD GOOD GOOD GOOD GOOD GOOD

Post a Comment

Related Posts with Thumbnails