පොඩි ඉස්කෝලෙහාමිනේගෙ නාසය

දශකයකට පසු
මුණගැසුණු ණෑයෙක්
පිරික්සයි මා මූණත්තහඩුව
සීරුවෙන්..

වසා ඇස් දෙක
කපා කන් දෙක
මතුකර ගනී
මූණ මැද නාසය..

"මේ නං පොඩි ඉස්කෝලෙහාමිනේගෙ දරුවෙක්.."
හෙලි කරයි ජාතක සුලමුල
මොටද ඩීඑන්ඒ පරීක්සන

කිමිදී කැඩපතක
සොයමි මං මාවම
මා නුදුටු මාවම ,

සොයමි ඒ නාසය
නෑයාට හම්බුවුණු
අම්මගේ නාසය
පොඩි ඉස්කෝලෙහාමිනේගෙ නාසය ...!!!!!

6 අදහස්:

Unknown said...

මම මේ ගලායෑමට කැමතියි ...

මින්දද said...

අහ්.. පොඩි පොඩි ස්කෝලේ හාමිනේ කොහොමද ඉතින්... වෙනස් ආකාරයක නිර්මාණයක්...

RanDil said...

හොඳ ලියවිල්ලක්. රස වින්දෙමි.

රොකියා | Udara said...

ෂා... නියමෙට ලියලා තියෙනවා..

meepani said...

නියමයි ....ඇත්තටම

Unknown said...

Are you making up your mind to trade in Hitbtc? If you want to acquire sleek and handy means and methods then you can dial 24/7 active Hitbtc customer support number 1-888-764-0492 anytime. The experts will provide all the inventive solutions and strategies that help in erasing your query and at the same time, you get fruitful assistance from them related to the error. It is a charge free Hitbtc wallet service so you don’t have to pay a single penny for the services.

Post a Comment

Related Posts with Thumbnails