පැණිරස කවි කෑලි..

අම්මාගෙ තට්ට කැවුමට
නක්කලේට හිනාවෙන
අත්තම්මගේ පැණි කැවුම්..

අත්තම්මගේ වැලිතලපෙට
හැමදාම පරාදවෙන
අම්මගේ පොල් වන්ඩු...

අපේ අම්ම හීනෙන්වත්
හදන්න නොහිතන,
රස හැලෙන - කුඩු හැලෙන
උඩබැලුම්..

අත්තම්මා නොහදන
අම්මාව දිනවන
ජයග්‍රාහී
ෆෘට් කේක්...!!!

6 අදහස්:

Siribiris said...

ලමයෝ මමත් උඩින්, යටින්, හොරෙන් වගේ ඔය ඔක්කොම පස්මහ බැලුං බලලා තියනවා. ඒත් ජීවිතේට කාපු නැති එකක්නෙ මේ උඩ බැලුං. අපි නං දන්නේ ඔය පුම්බල උඩ යවන බැලුං විතරයි, හැබැයි ඒවා කෑවොත්නං බඩුම තමා.

Anonymous said...

සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

හා පැටික්කි (MS) said...

අන්තිමට ඔය හැමදේටම වග කියන ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!!

@ Siribiris
ඔය උඩ බැලුම් වලට එක එක පැති වල එක එක නම් කියනව....
මං දන්න තරමින් නම් ඕව කද්දි උඩ බලන් කන්න ඕන නිසයි ඔය නම...... නැත්නම් හැලෙනව....

Siribiris said...

හාවිට ස්තූතියි.සමහර විට කාලත් ඇති, නම නොදන්නවට. ඔයාට අලුත් අවුරුද්දෙ වැඩි වැඩියෙන් උදුපියලිය ලැබෙන්න ඕනෙ.

මෙයා නං ලිස්සලා ගිහිල්ල වෙන්ටෑ. වැරද්ද්ක් කියන්නත් බෑ නොවැ, නම දාලා තියෙන්නෙත් "නයා" කියලනෙ.

දිගටම මෙහෙම ලස්සන කථා, කවි ලියන්න, නයි හාමිටත් වැඩි වැඩියෙන් බිත්තර ලැබෙන්න ඕනෙ.

හා පැටික්කි (MS) said...

@ siribiris
නෑ මයේ හිතේ රවුමක් දාන්න යන්නැති..... :D

Naya said...

හික්..හික්...ලිස්සල ගියේ නෑ මෙයාලා..ගියා නොවැ නෑගම්..!!!ආත්තම්මල ලොකුඅම්මල පුංචම්මල කවුරු කවුරුත් හදපු ඒවයේ රස බලන්න එපෑය.

@ siribiris & හාපැටික්කි
පිටිවලින් හදලා බැදපු බිත්තර කටුවක් වගේ එකකට මුංඇටපීටි හකුරුකුඩු..etc. මිශ්‍රනයක් පුරවලා තමයි උඩබැලුම් හදන්නේ.හාළමයා කිවුව වගේ කන්න ඕන උඩ බලාගෙන..නැත්නම් කුඩු හැලෙනවා.රස ගැනනම් කියලා වැඩක් නැහැ.දකුණුපලාත තමයි උඩබැලුම් වලට ප්‍රසිද්ධ.

@ all
ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා…!

Post a Comment

Related Posts with Thumbnails