වීනස්ව පොළවේ ගැසුවෙමි..!!!!!!!!!!!!!!

වීනස්ව පොළවේ ගැසුවෙමි.
කුඩුපට්ටම් උණේ මාවමයි..

මින්දදගෙ දුනු හී වලට ගිනි තැබුවෙමි.
අළුඋණේ මාවමයි ..

වැලන්ටයින්ව භූමිදාන කළෙමි.
වැලලුණේ මාවමයි..

රෝසමල් පොකුරු කඩා විසුරුවෙමි.
සීරුණේ මාවමයි..


නහරවැල් සමගින්
හෘදවස්තුව උදුරා දැමුවෙමි.
ම‍රණීය තුවාලෙත් අන්තිමට මටමයි..!!!



10 අදහස්:

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ඇත්ත ඒත් තව පාරක් ඒ දේ කරන්න පුලුවන් නේද?

``` Outsider``` said...

පේනව නේද විනාශ කරන්න හැදුවොත් විනාශ වෙන්නෙ තමන්මයි.
හරිම අපුරුයි.. අදහස

දිල් said...

ඇත්තමයි....හදවත විනාශ කරන්න හිතාගෙන මම මාවම මරා දමන්න උත්සාහ කලා.ඒත් සිතිවිලි මාව තාමත් ජීවත් කරවනවා...වද දිදි....

Raven said...

නියමයි අදහස.

Unknown said...

ඇයි මචෝ උඹ ඔය දේවල් කලේ ....

Anonymous said...

අපොයි!!!!! හදවත කියන්නේ හරිම පුදුම දෙයක්, අමතක කරන්න හැදුවාම මතක තියාගන්නවා, සතුටු වෙන්න හැදුවාම දුක් වෙනවා, ඒ හදවත විනාශ කරන්න ගියාම අපිව විනාශ වෙනවා......

බිඟූ said...

පට්ටම මචං...
ඕකුන්ට ඒකමයි කරන්න තිබ්බේ....
මල වාත කරයෝ....

/බිඟුවා...!

චතුවා said...

හෆොයි හරි අමාරු වැඩක් නේ කරලා තියෙන්නේ... මටත් ඕක කරන්නමයි හිත. හැබැයි බයයි! :(

Naya said...

හැමදෙනාටම ස්තූතියි අදහස් දැක්වුවාට

මින්දද said...

මම නඩු දානවා.. මගේ පුද්ගලික දේපළ වලට හානි කලා කියලා.. මම හොය හොයා හිටියේ ඔය වැඩේ කරපු එකා. අද අතටම අහු වුනා.. :) :)

ඔව් සහෝ.. අපේ අය ප්‍රශ්න වලට හොයාගන්න විසදුම් දැක්කම ඔයා කියලා තියෙන දේ කොච්චර ඇත්තද කියලා තව පැත්තකින් හිතෙනවා. සමහර කට්ටිය බේබද්දෝ වෙනවා. තව සමහර අය ජීවිතෙත් නැති කරගන්නවා. අර්ථවත් අදහසක්...

Post a Comment

Related Posts with Thumbnails